ශික්ෂාව ද එබඳු ය. ඒවා නම් ශීල, සමාධි, ප්රරඥා ව ය. වෙනත් විධිහකින් කිවහොත්, ආර්යාෂ්ටාංගික මාර්ගය යි. එම ආර්යාෂ්ටාංගික මාර්ගය යනු පිළිපැදිය යුතු කොටසකි. ශීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්රිඥා ශික්ෂා යනුවෙන් කොටස් තුනකින් යුක්ත ය. ඒ අනුව පිළිපදිනා අයට ප්රසතිඵලයක් බලාපොරොත්තු විය හැකි ද කියා යමෙකු හට ඇති වන සැක ය යි. එම සැක නො කළයුතු තැනක ඇති කර ගන්නා සැක ය යි. එම තැනැත්තාට එම සැක අත නො හැර කිසිදා සංසාර විමුක්තියක්, නිදහසක් ඇති කර ගැනීමට පිළිවන් කමක් නො මැත. ඔහුගේ අහිත පිණිස පවතින කරුණු වන්නේ එය ම ය.

තමන් බුදුරජාණන්වහන්සේ වැනි උතුමෙකුට උන්වහන්සේ විසින් ප්ර කාශ කරනු ලබන්නේ අසත්ය යක් කියා චෝදනාවක් කළහොත්, එම බරපතල චෝදනාවන් කිරීමේ අකුසල කර්මයෙන් ඔහුට අපාය ගත වීමට ඉඩ තිබේ. ඒ හැර ඉහත කී සැකය තිබෙන තුරු ඔහු එම ධර්මය අනුව පිළිපැදීමක් කරන්නට මොන යම් අවස්ථාවක හෝ මොනයම් වේලාවක හෝ ඉදිරිපත් වන්නේ නැත. එම නිසා එම සැකය දුරු කරගත යුතු ය. එම සැකය දුරු කර ගැනීමට කළයුතු වන්නේ ධර්මය ඉගෙනීම හා පිළිපැදීම ය. තමන් නො දන්නා කරුණු වඩවඩාත් ඉගෙන ගත යුතු ය. එසේ ඉගෙනීමෙන් සැක දුරු වේ. එම ධර්මය ඉගෙන ගැනිමේ දී, බුදුරජාණන් වහන්සේගේ තිබෙන සම්මා සම්බබුද්ධත්වය පිළිබඳ තමන්ගේ නුවණින් තරමක් තේරුම්ගත හැකි වේ.
අකුසල් ගැන මුලදී පෙන්වා දුන් ආකාරයට, අටුවාවේ විස්තර කර දී ඇති පරිදි, න කුසලාභි, අකුසලානි. නකුසලානි අකුසලානි යන්න තේරුම් ගත යුතු ය. මීට කලින් විපාක යන්න තේරුම් ගත යුතු ය. අඤ්ඤ මඤ්ඤ විසිට්ඨානං, කුසලාකුසලානං පාකාති විපාකා, යන්න මුලින් තේරුම් ගත යුතු ය. ඔවුනොවුනට විරුද්ධ වූ කුසල, අකුසලයන්ගේ මේරූ බව, පැසුණු බව ය. එම නිසා න - කුසලා යන්න තේරුම් ගත යුතු ව ඇත්තේ, කුසලයන්ට විරුද්ධ වූ ස්වභාවය අකුසල් නම් වේ. මෙම දෙකෙන් කුමන ප්ර ශ්නය ද බලවත් වන්නේ? කුසල් අකුසල් කියා කොටස් දෙකකි. ඉන් පිළිතුර නම්, කුසල් බලවත් බව ය. අකුසල් බලවත් බව පෙනුණ ද එසේ නොවේ. අකුසලයට කුසල් කියන කොටස සහමුලින් දුරු කළ නො හැකි ය. අකුසලයන්ට කුසලයන් නැවත නූපදනා ආකාරයට දුරු කළ නො හැකිය. නමුත්, නැවත නූපදනා ආකාරයෙන් අකුසලයන් දුරුකිරීමේ හැකියාව තිබෙන්නේ කුසලයන්ට ය. එම නිසා කුසල් බලවත් ය. එම නිසා කුසල් උපදවා ගෙන අකුසල් දුරු කළ යුතු ය.

අකුසල් සිත් වශයෙන් ගත් කළ ඇත්තේ 12 කි. කුසල් සිත් 21 කි. කුසල් සිත් 21 කින් අකුසල් සිත් 12 ක බලය මැඩිය යුතු ය. අකුසල් කුසල්වලට වඩා බලවත් නො මැත. නමුත්, එහි ද විශාල ශක්තියක් ඇත. එම නිසා කුසල්වලට ඉඩ නො හරින බවක් අකුසලයනට ඇත. අකුසල් උපදින ශක්තිය යම් තාක් අප තුළ පවතී ද, ඒ තාක් අපට කුසල් ඉපදීමේ ශක්තිය තිබේ. අකුසලයන් ඉපදීමේ ශක්තිය අප තුළ ඇත. මේ අවස්ථාවේ දී මෙම අභිධර්මය ඉගෙනීම් කරන අවස්ථාවේ අකුසල් ඉපදීමේ ශක්තියක් නො මැත. නමුත්, අකුසල් සිත් ඉපදීමේ ශක්තිය, බලය අප තුළ නිධාන්ගත ව, අප්රනහීනව පවති. එසේ අප්ර හීනව පවතින අකුසල් ඇති වීමේ ශක්තියට අනුශය ශක්තිය ලෙස නම් කර ඇත. මෙම අනුශය ශක්තියට තිබෙන නිසා වරින් වර ඉදිරිපත් වන හා ලැබෙන අරමුණුවල එල්බ ගෙන අකුසල් සිත් උපදී. එම අකුසල් සිත් උපදින්නේ ඔබ අප යෝනිසෝ මනසිකාරයේ කියන්නා වූ හරි හැටි හිතන බව ඒ ඒ අවස්ථාවේ දී ඇති කර ගෙන නො විසීම නිසා ය.

ලස්සන රූපයක් දුටු කල ද, අවලක්ෂණ රූපයක් දුටු කල ද, මිහිරි ශබ්දයක් ඇසුණු කල ද, අමිහිරි ශබ්දයක් ඇසුණු කල ද අකුසල් සිත් උපදී. මිහිරි ශබ්දයක් ඇසුණු කල එහි ලෝභය උපදී. ඊට ආශාව යි. අමිහිරි ශබ්දයක් ඇසුණු කල ද්වේශ මූල සිත් උපදී. එයට නොකැමැත්ත නිසා ය. මිහිරි අමිහිරි දෙක පිළිබඳ ව ඇලෙන්නේ ද නැති, ගැටෙන්නේ ද නැති ස්වභාවය ඇති කර ගෙන සිටීමට පුළුවන් වන්නේ නම්, එම තැනැත්තාට එම දෙකම අරමුණු කොට ගෙන අකුසල් උපදවා නො ගෙන, කුසල් උපදවා ගත හැකි වේ. එය පුරුද්දෙන් කළයුතු ය. දියුණු කරගත් සිතින් නැතහොත්, හරිහැටියට සිතීම පුරුදු වීම හේතු කොට ගෙන එය කළ හැකි ය. එවිට යෝනිසෝ මනසිකාරය වන්නේ එය ම ය. එනම් නුවණින් මෙනෙහි කිරීම ය. නුවණින් මෙනෙහි කිරීම යනු, යම් කිසිවක් මෙනෙහි කිරීම හේතු කොට ගෙන නැතහොත්, යම් ආකාරයකින් මෙනෙහි කිරීම හේතු කොට ගෙන අකුසල් උපදී ද, ඒ ආකාරයට මෙනෙහි නො කොට, යම් ආකාරයකට මෙනෙහි කිරීම හේතු කොට ගෙන කුසල් උපදී ද, ඒ ආකාරයට මෙනෙහි කළ යුතු ය. අකුසල් උපදින ආකාරයට නම් සිතන්නට පුරුදු වන්නේ එම තැනැත්තා හට අකුසලයෙන් බේරීමේ හැකියාවක් නො මැත. එසේ වුව ද එදිනෙදා ජීවිතයේ දී අකුසල් ඇති වන අවස්ථා මඟ හරවා ගෙන සිටීමට පුළුවන්කමක් ඇති කර ගත යුතු ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි