යමෙක් ඇති වෙලා නැති වන්නේ එනම්, ප්රිඥාප්ති ද, පරමාර්ථ ද වශයෙන් විමසුවහොත්, ඊට පිළිතුරු වශයෙන් විය යුතු වන්නේ ඇතිව නැති වන්නේ පරමාර්ථයන් ය. ඇති වෙන්නේ ද පරමාර්ථනයෝ ය. නැති වෙන්නේ ද පරමාර්ථුයෝ ය. එසේ ඇති වීමක් හෝ නැති වීමක් දෙකටම නොමැති පරමාර්ථ‍යක් ද වේ. එනම් අප කවදා හෝ ප්රාරර්ථනා කරන්නා වූ පරමාර්ථතය වූ නිවණ ය. එම නිවණ පිළිබඳව ඇති වීමක් හෝ නැති වීමක් ද නොමැත. අන් පරමාර්ථුයන් ඊට උපකාරක ධර්මයන් ඇති වෙන කල්හි හා ඇති වීමට අවශ්ය වන තත්ත්වයන් සංක්රවමණය වූ කල්හි ඇති වීම සිදු වේ. ඒ ඇති වන හැම එකක් ම ඒවාට අයත් ආයු කාලය අවසානයේ නැති වී ය යි. එම නිසා අනිත්යථ සම්මුති ද, පරමාර්ථන ද යන්න විමසුවහොත්, දිය යුතු පිළිතුර පරමාර්ථ ය යන්න යි. දුක්ඛ වන්නේ ද එම පරමාර්ථු ධර්මයෝ ය. අනාත්ම වන්නේ ද එම පරමාර්ථවයෝ ය.

බුද්ධාගමේ ඉගැන්වෙන උතුම් ධර්මය වනුයේ අනිත්යත, දුක්ඛ, අනාත්ම යන ධර්මයන් ය. අනිත්යන වශයෙන් දැකිය යුතු වන්නේ කුමක් ද? පංචස්කන්ධය, දුක් වශයෙන්? පංචස්කන්ධය, අනාත්ම වශයෙන්? එය ද පංචස්කන්ධය යි. එම නිසා උතුම් වූ සත්යම වූ සත්යායෝ පරමාර්ථයයෝ ය. පරමාර්ථථ ධර්මවලට යම් ලක්ෂ ණයක් වේ නම් එය ධර්මයය පිළිබඳව වෙනස් නොවේ. යම් ධර්මයක් නම් දැනගත යුතු දෙයකි. වි‌ශේෂ ලක්ෂණයක් ඇති ධර්මයක් දැනගත යුතු වන්නේ ය. එම ලක්ෂවණයන් අතරින් දැනගත යුතු වන එක දෙයකි. සිත. සිතෙහි තියෙන පරමාර්ථ ය. මෙම චිත්ත පරමාර්ථංය පිළිබඳ වන ලක්ෂතණය වන්නේ සිතීම් ලක්ෂකණ ය. දැනගන්නේ මොනවා ද? දැනගත යුතු වූ අරමුණු ය. අරමුණු දැනගන්නා ප්ර ධානය සිත ය. කවර හෝ සිතක් වේවා, හොඳ සිතක් හෝ වේවා, නරක සිතක් හෝ වේවා, කුසල් සිතක් හෝ වේවා, අකුසල් සිතක් හෝ වේවා, විපාක සිතක් හෝ වේවා ඇත්තේ, කාමාවචර සිතක් හෝ වේවා ඇත්තේ, රූපාවචර-අරූපාවචර-ලෝකෝත්තර මේ ආදී ඕනෑම සිතක් හෝ වේවා ඇත්තේ ඒ සිත පිළිබඳව තේරුම් ගැනීමට ඇති ලක්ෂරණය නම්, අරමුණු දැනගැනීම ය. එම ලක්ෂවණය සිත පිළිබඳව වෙනස් නොවේ.
අප සිතන්නේ කුමක් ද? සිතීමට දෙයක් තිබිය යුතු ය. එම සිතන දෙය තමයි අරමුණ වන්නේ. සිතීමේ ක්රි යාවට කර්මවන්නේ යමක් නම්, එයට අරමුණ යයි කියනු ලැබේ. ඒ අරමුණු කොතෙක් තිබුණ ද කොටස් කර දක්වන්නේ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගණ්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්භාරම්මණ, ධම්මාරම්මණ යන 06 යි. මීට පිටස්තර අරමුණු ය කියා කොටසක් නොමැත. මක්සිසා ද? සිතට අරමුණු වන සෑම දෙයක් ම මේ හයට ඇතුළත් වන බැවිනි. අරමුණු ගන්නා ධර්මය, අරමුණු ගැනීම, අරමුණු පිළිබඳ ඇති දැනීම යන්න සිත වේ. අප නොසිතා සිටින මොහොතක් ‌ඇති නොවේ. සෑම විටම සිතනවා. අප නොසිතා සිටින අවස්ථාවකැ යි සලකන නින්දට ගිය අවස්ථාවේ දී ද අප සිතන්නෙමු. සිතක් ඇත. එම සිතට භවාංග අවස්ථාව කියා වෙනම නම් කොට ඇත. මේ ගැන ඉදිරියේ දී විස්තර වේ. එබැවින්, සිතීම් මාත්රසය ම සිත වේ.

මීළඟට පරමාර්ථ අතරින් දෙවැනි අවස්ථාව චෛතසික ය. සිතෙහි වනුයේ, සිත හා සමඟ බැඳුණු උපදිනා වූ ධර්මයන් චෛතසිකයන් ය. මෙවන් චෛතසික 52 ක් අභිධර්මයේ ඉගැන්වේ. අභිධර්මාර්ථස සංග්රාහයේ විස්තර කරන ආකාරයට සිත සමඟ එක වරම උපදින, සිත සමඟ එකටම නිර්ද්ධ වන, සිත ගන්නා අරමුණ ම එල්බ ගන්නා, සිත යම් වස්තුවක් ඇසුරු කොට නම් ඇති වන්නේ ඒ වස්තුව ඇසුරු කොට ම උපදින ධර්මයන්ට චෛතසික වශයෙන් හැඳින්වේ.

මෙය තේරුම් ගැනීමට උපමා ඇත. සිත, හොද්දට යොදන ලද ජලය වගේ ය. සිත ජලය නම්, එම හොද්දේ ඇති ලුණු, මිරිස්, කරපිංච, සේර ආදී නොයෙක් ද්ර ව්යඋ ඇත. ඒවා චෛතසික බඳු ය. සිතෙන් කෙරෙන්නේ ක්රි,යා මාත්රේයක් බැවින්, සිත නමැති ක්රිමයාවත් සමඟ එකට බැඳී හට ගන්නා චෛතසිකයෝ ක්රිචයා මාත්රතයකි. එබැවින්, සිතෙහිත්, චෛතසිකයන්ගේ ද පවත්නා සම්බන්ධය වැඩිවීම සඳහා ක්රි යාවක්ම උපයෝගී කර ගැනීම වඩාත් සුදුසු ය. නිදර්ශනයක් වශයෙන්, සිත හා චෛතසිකයන්ගේ තිබෙන සම්බන්ධය වැඩි වීමට අප කරන, අපගේ ක්රිසයාව තුළින් ගත හැකි ය. එක තැනක සිට යන්නට අදහස් කරයි කියා සිතමු. ඔබ සිටි ආසනයෙන් නැගිට මෙතැනින් ඉවතට යාමට අදහස් කළා ය කියා සිතමු. කරනුයේ කුමක් ද? ආසනයෙන් නැගිටිනවා. පියවරෙන් පියවර ඉදිරියට යනවා. එම බැඳුණු ක්රි යාව ආරම්භ කරනුයේ මුලින්ම නැගිටීම, ඉදිරියට යාම වේ. මේ යාමේ ක්රිරයාව සමඟ එකට බැඳුණු තවත් ක්රිමයා ඇත. ඒ දෙස බලා සිටිය කෙකෙකු හට වුව ද, එසේ නැතහොත් එම ක්රිරයාව කරනු ලබන තැනැත්තා වුව ද එතරම් සැලකිල්ලක් නොමැත. එසේ වුව ද, තවත් ක්රි යා ප්ර ධාන ක්රි යාවත් සමඟ බැඳී පවතී. ඒ ප්ර ධාන ක්රිලයාව හා බැඳී පවතින අනිත් ක්රි යා මොනවාද? යම් වේලාවක තමා සිටි තැනින් නැගිට ඉදිරියට ගමන ආරම්භ කළ විට ඒ හා බැඳී පවතින අනිත් ක්රි්යාව නම් තමා සිටි තැනින් ඈත් වී ය කියනු ලබන ක්රිියාවත්, බලාපොරොත්තු වූ තැනට ළං වුණා ය කියනු ලබන ක්රිටයාවත් ය. සිටි තැනින් ඈත් වේ......... බලාපොරොත්තු වූ තැනට ළං වේ......... එසේ ඈත් වීම හා ළං වීම යන ක්රිියා දෙකකි. ඒ ක්රි්යාවන් දෙක එකට බැඳී ඇත්තේ ගමන ක්රි.යාව හා බැඳීමෙනි. එම ඈත් වීමත්, ළං වීමත් යන ක්රි.යා දෙක ද ගමන ක්රි යාව සමඟ බැඳී පවතින බව තේරුම් ගත හැක්කේ එම ගමන ක්රිවයාව නැවතීමත් සමඟ ය. එනම්, ආරම්භ කළ ස්ථානයක් හා අවසන් කළ ස්ථානයක් යන දෙකක් ඇති බැවින්. එසේ ඇති වීමේ දී, ගමන ක්රි,යාව හා බැඳීමෙන් ය. නැවත පැමිණ නැවතුණ තැන් සිට ගමන් කිරීමට පටන් ගතහොත් සිටි තැනින් ඈත් වේ. වෙනත් තැනකට පැමිණේ. එසේ ළං වීමත්, ඈත් වීමත් යන දෙක ද ගමන ක්රි.යාව සමඟ ය බැඳී ඇත්තේ ය. මේ උදාහරණයේ ආකාරයට සිතත් ඇසුරුකොට ඒ සිත හා එකට බැඳී, සිත සමඟ එකම අරමුණු ගන්නා, ඒ සිත හා එකට උපදින, හිත නැති වෙන කොට ම නැති වන, සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන චෛතසිකයන්ගේ සිත හා බැඳුණු බව තේරුම් ගත යුතු ය. සිත ප්රවධාන ධර්මය වන අතර, චෛතසිකයන් අප්රපධාන ය. අප්රපධාන වුව ද චෛතසිකයන්ගෙන් තොරව සිතක් කිසිදා නූපදී. යම් සිතක් හට ගැනීමට එම චෛතසිකයන් සියල්ලම අවශ්යඅ නොවේ. එම සිතට අයත් චෛතසිකයන් ප්රතමාණය පමණකි අවශ්යම වන්නේ. නමුත් කිසිදු චෛතසිකයක් සිතින් තොරව හට නොගනී. ඇතැම් චෛතසික නොමැතිව සිත හට ගනී. එම නිසා චිත්ත චෛතසික දෙක සලකන කල ප්රයධාන වන්නේ සිත යි. චෛතසික අප්රතධානයන් ය. සිත ප්ර්ධාන ක්රි යාව වන අතර, චෛතසික ඒ හා බැඳී පවතින අන්ය ක්රි යාවන් ය. එසේ වුව ද මේවා වෙන් කළ නොහැකි ය. බලවත්ව සම්බන්ධකව පවත්නා ක්රි්යා වේ. මේ ආකාරයෙන් චෛතසිකයන් ද තේරුම් ගතයුතු වේ.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි