බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ යහපත පිණිස දේශනා කොට වදාළ ධර්මය ප්‍රධාන වශයෙන් ධර්ම සහ විනය වශයෙන් දැක්වේ. එම ධර්ම විනය යන දෙක කවර ශාසනයක හෝ ලැබෙන්නකි.දුරක්ඛාතේ ධම්ම විනයේ,ස්වාක්ඛාතේ ධම්ම විනයේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට ඇත. මෙය දක්වා ඇත්තේ ශාසනයන් හැඳින් වීමට ය.ධම්ම විනය යි, ශාසනය යි දෙකක් නොව එකකි.කවරෙකුගේ වුවත්, කවර ආගමක වුවත් ශාසනයක් ඇති අතර, ධර්මයක්, විනයක් ඇති අතර ඒ අනුව, බෞද්ධ අපගේ ශාසනය බුද්ධ ශාසනය යි. ඒ සෑම ශාසනයකම ඉගැන්වීමක් ඇත. එහි පිළිපැදීමක් ඇත. බෞද්ධයන් වන අප පිළිගන්නේ පිළිපදින්නේ බුදුන්වහන්සේගේ අනුශාසනය යි. ඒ වාගේම වෙනත් ශාසන ඇත. මෙකල ද බුද්ධ කාලයේ මෙන් වෙනත් ශාසන ඇත.ඒ සෑම ශාසනයන් හි ද ඉගැන්වීමක් ඇත.ඒ ඉගැන්වීම අනුව පිළිපැදීමක් ඇත.ඒ කවර ශාසනයක වුව ද අර්ථයක් ඇත.එසේ වුව ද, සෑම ශාසනයකම ස්වාක්ඛාත ධර්මයක් නොමැත.ඒවායේ ඇත්තේ දුරක්ඛාත ධර්මයකි. බුදුපියාණන් වහන්සේගේ ධර්ම විනය නම් ස්වාක්ඛාත ය.එසේ ඒ ගැන ස්වාක්ඛාතෝ, භගවතා, ධම්මෝ මේ ආදී වශයෙන් අප දැන ගෙන සිටින්නෙමු.
ධර්මය හා විනය යන දෙක පිළිබඳ ඇතැම් විට කෙනෙකු ප්ර ශ්න නගත්. බුද්ධාගමේ තිබෙනුයේ ධර්ම-විනය දෙකක්. අභිධර්මය කියා එකක් නැත ය, කියා. එසේ ප්රනශ්න නගන අය ද සිටිත්. ඇතැම් කෙනෙක් ඊටත් වඩා මෙසේ සාහසික වෙත්.“අභිධර්මය කියා කොටසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දක් නොවේ” කියා. ධර්මය පිළිබඳ හැදෑරීමක් කොට තිබේ නම් යමෙක් එසේ සැහැසි වචනයක් නොකියති. එසේ කියන ලද තැනැත්තා බුදුරජාණන් වහන්සේ නමක් වදාළ දෙයක් නොවදාළා යයි කීම - නොවදාළ දෙයක් වදාළා යයි කීම ද ඉතා බැරෑරුම් ප්රරතිඵල ලබා දෙන කාරණයක් වේ. එය උන්වහන්සේට දෝෂාරෝපණයකි.නමුත්, සත්යේය එය නොවේ.බුදු පියාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මය, පිටක වශයෙන් දක්වා ඇති කොටස් 03 ක් ඇත. එනම්, සූත්රු-අභිධර්ම-විනය කියා ය.ඉන් විනය දේශනය ප්රයධාන වශයෙන් භික්ෂූඇන් වහන්සේ පිළිබඳව යි.භික්ෂූරන් වහන්සේගේ ඇවතුම්-පැවතුම් පිළිබඳව බුදුපියාණන් වහන්සේ යම් දේශනයක් පැවැත්වීද එයට දක්වනුයේ විනය වශයෙනි. ආනා දේශනා වශයෙන් දැක්වෙන්නේ එම විනයටම ය .

සූත්රු පිටකය යනු, නොයෙක් අවස්ථාවල දී එක් එක් පුද්ගලයනට ‌හා ‌පුද්ගල කණ්ඩායම්වලට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ සූත්රව ධර්මයන් ඇතුළත් කොටසට ය.

අභිධර්මය පිටකයට ඇතුළත් වනුයේ විශේෂ ධර්මයකි. අභි යනුවෙන් හඳුන්වනු ලබන අර්ථය විශිෂ්ට කියා ය. අටුවාවේ සඳහන් වන ආකාරයට අතිරේක ධර්මය, විශිෂ්ට ධර්මය කියන අර්ථයෙන් මෙය සඳහන් වේ. එය යි මෙහි දී අප තේරුම් ගත යුතු වන්නේ. එය දැනගැනීම් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිබඳව දක්වා තිබෙන විවිධාකාරයන් තිබේ. ඒ අනුව, දේශනය දෙවැදෑරුම් වශයෙන් තේරුම් ගත යුතු ය. එනම්,


01. සම්මුති දේශනා
02. පරමත්ථ දේශනා වශයෙනි.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි