මීළඟට ලෝභ මූල සිත්වල යෙදෙන උපේක්ෂා සහගත දිට්ටිගත සම්ප්රසයුක්ත අසංඛාරික සිත හා සසංඛාරික සිත
උපේක්ෂා සහගත දිට්ටිගත විප්පයුක්ත අසංඛාරික සිත හා සසංඛාරික සිත වශයෙන් සිත් 04 කි.

මෙහි දී ඇති වන්නේ උපේක්ෂා සහගත භාව ය යි. සෝමනස්සය නොව, උපේක්ෂාවය යනු, සොම්නස ද නොවන, දොම්නස ද නොවන මැදිහත් වේදනාව යි. එය සොම්නසට හෝ දොම්නසට නොවැටේ. එහෙත් වින්දනයක් ඇත. එම වින්දනය හුදු විඳීමකි. එය උපේක්ෂාව යි. හරියට මධ්යෙස්ථව යමක් දෙස බලන්නාක් මෙන්, එක පැත්තකට බර නොවී බලන ආකාරයෙන් යන ආකාරයට උපේක්ෂා වේදනාව වශයෙන් හැඳින්විය හැකි ය. එම උපේක්ෂා වේදනාවෙන් යුක්තව ද ලෝභ මූල සිත් ඇති වේ. කෙනෙකු සොරකම් කරනු ලබන අවස්ථාවක දී එම අරමුණු තමන් සොම්නසට පමුණුවන්නට තරම් ඉෂ්ට රසයක් මත වන අරමුණක් ද නොවේ. එම නිසා එම අරමුණ ගනිමින් උපදනා වූ සිතෙහි ඇති වන්නා වූ වේදනාව සොම්නසක් නොවන, දොම්නසක් ද නොවන මැදහත් වේදනාවක් වන්නේ නම් එයට උපේක්ෂා වේදනාව වශයෙන් හැඳින්වේ. දිට්ඨිගත සම්ප්රනයුක්ත හා දිට්ඨිගත විප්පයුක්ත ද, එසේම අසංඛාරික සසංඛාරික ආදිය ද කලින් සඳහන් කළ පරිදි ම වේ.

තවදුරටත් සැලකිය යුතු වන්නේ සෝමනස්ස සහගත බව හා උපේක්ෂා සහගත බව වටහා ගැනීමට අපහසු කරුණක් ද නොවේ. එය ඒ ඒ අවස්ථාවල දී ඇතිවන්නා වූ සිත් අනුව තරමක් හෝ තරමක් හෝ සැලකිලිමත්ව සිටියහොත් තම තමන්ට තේරුම්ගත හැකි වේ.

සොරකම් කිරීම ගැන කලින් සඳහන් කළ එක් කර්ම පථයක් පමණි. එසේම, එම අකුසලයන් ලෝභ මූල දිට්ඨිගත සම්ප්රනයුක්ත සිතින් කිරීමට පිළිවෙන. වෙනත් විධිහකින් සදහන් කළහොත් තමන් එම අකුසල ක්රිෙයාව සිදු කරන්නේ මිථ්යාල දෘෂ්ටියෙන් නම් එම අකුසල ක්රි්යාව සිදුකරනුයේ,
එම තැනැත්තා හට ලෝභ මූල දිට්ඨිගත සම්ප්රතයුක්ත සිත් උපදී. එය ද අසංඛාරික හා සසංඛාරික භේදය ද ගත යුතු ය. දිට්ඨිය ඇති වන්නේ මිථ්යා් දෘෂ්ටිය ම ඇති කල්හි ය. අකුසලය නිසාම එය දිට්ඨිගත සම්ප්රඅයුක්ත වනවා නොවේ. එම අකුසලය වරදක් නොවන සේ ඔහු දකිනවා නම් පමණයි මිථ්යාය දෘෂ්ටිය වන්නේ. එම අකුසලය වරද බව දැනගෙන නම් එම වරද කරනුයේ (වරද දැනගෙන කිරීම නිසා ඔහුට සම්යුක් දෘෂ්ටියක් ද නූපදී) එම වරදවල් ගන්නා ඔහුට මිථ්යා දෘෂ්ටිය නොයෙදේ. බොහෝ දෙනෙකු වැරදි කිරීමේ දී වැරැද්ද දැන ගෙනම වැරදි කරති. එසේ කරන විට මිථ්යා දෘෂ්ටියෙන් තොරව ය සිත් උපදින්නේ. ඒවා දිට්ඨිගත විප්පයුක්ත සිත් වේ. එය සිදු කිරීමෙන් වරදක් නැත, මෙය කිරීමෙන් කර්මයක් හෝ කර්ම විපාකයක් නැත ආදී වශයෙන් සැලකීමේ දී, ඇත්ත ඇති සැටියෙන් නොදකී නම්, උපදින්නේ දිට්ඨිගත සම්ප්රායුක්ත සිත් වේ.

සොරකම් කිරීම ලෝභයෙන් සිදු වන වරදකි. මෙම අවස්ථාවේ දී එය ලෝභයෙන් සිදුවන වරදක් හැටියට ගනු ලැබේ. කාමමිථ්යා චාරය ලෝභයෙන් සිදු වන වරදකි.

බොරුකීම ලෝභයෙන් සිදු වන වරදකි. නමුත් බොරුකීම වෙනත් හේතූන් නිසා ද ඇති විය හැකි නමුත් මෙහි දී බොරුකීම ද ලෝභයෙන් සිදු වන වරදකි. සමහරුන් තමන්ට ලැබෙන ලාභයක් හෝ වෙනත් වාසියක් සලකා ගෙන බොරු කියති. එම බොරු කීම ද වරදක් නොවේ යයි සලකා කියන බොරුව ද ලෝභයකි. සමහරු මෙසේ සිතති. ඒ ගැන ප්රරශ්නයන් ද අසති; ඇයි මේ බොරුවට කීම වරදක් නොවේ යයි කියමින්, තමන් ළඟ මිල මුදලක් තිබෙන විට යමෙක් ඉන් මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එසේ අවස්ථාවල දී ද තිබෙන බව කිවහොත් නොදී සිටීමට බැරි නිසා තමන් ළඟ තිබී එසේ මුදලක් නැත ය කියා කියයි නම් එබඳු අවස්ථාවල දී ද උපදින්නේ ලෝභ මූල සිතකි. එසේ කීම ද වරදක් නැත ය කියා සිතීම ද ඒ අවස්ථාවේ දී ද තමන්ට උපදින්නේ ලෝභ මූල අකුසල් සිතකි. එම නිසා එවිට උපදින්නේ ලෝභ මූල දිට්ඨිගත සම්ප්රසයුක්ත අකුසල් සිතකි. එවිට එම තැන්හි දී එම අකුසල් සිතෙන් කෙරෙන්නේ කුමක් ද? බොරු කීම ය. තවත් තැනැත්තා ද එම බොරු කීම පිළිගත හොත්, තමන් බොරු කීමට පිළිගතහොත්, තමන් ඒකාන්ත යෙන්ම එම බොරුකීමේ පාපයට හසුවේ.

කේළාම් කීම කරනුයේ දෙදෙනෙකු බිඳ වීමට ය. එම බිඳවීමට බොහෝ විට තරහව හේතු වේ. නමුත්, බොහෝ විට ලෝභය ද හේතු වේ. කෙනෙකුගේ ප්රඑසාදය තමන් කෙරෙහි වඩාත් ඇති කර ගැනීමේ ආශාවෙන් කේළාම් කියනවා වීමට පිළිවන. එබඳු අවස්ථාවල දී එම තැනැත්තා හට ලෝභ මූල සිතක් ඇති වේ.

පරුෂ වචන කීම සිදු කෙරෙන්නේ තරහ සිතකිනි.

හිස් වචන කථා කිරීම බොහෝ දෙකෙකු හට වැළකීමට නොහැකි අකුසලයකි. අනුන්ටත් වැඩකට නොමැති, තමන් හට ද කිසිදු වැඩක් නොමැති කථාවන් කරමින් සිටීම ය. එසේ කියන්නා ද එය කීමෙහි වරද කුමක් දැ යි කියා සිතීමෙන් උපදින්නේ ද දිට්ඨිගත සම්ප්රියුක්ත සිතකි. එසේ හිස් වචන කථා කරමින් ප්රීකතිවන අවස්ථාවල දී බොහෝ සෙයින් උපදින්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්රයයුක්ත අසංඛාරික අකුසල් සිතකි. එසේ මේවා තේරුම් ගත යුතු ය.

මීළඟට උපේක්ෂා සහගත භාවය සැලකීමේ දී, එසේ අවස්ථාවල දී වුව ද, නිරන්තර ඉහත කී කථා කරමින් සිට පුරුදු අයෙකු හට වුව ද, ඉන් තමන් ලබන්නා වූ කිසිදු ආශ්වාදයක් නොමැති, ඉන් තමන් හට ලබන්නා වූ ප්රිපය මනාප වූ ඉෂ්ට අරමුණක් සේ සොම්නසට පත් වීමක් හෝ නොමැති, එහෙත් පුරුදු පරිදි නිරන්තරයෙන්, දීර්ඝ කාලීනව එසේ කථා කරන්නාවූ කෙනෙකු හට උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්රුයුක්ත හෝ විප්පයුක්ත (තමන් හට ඇති වන දෘෂ්ටියට අනුව) සිතක් ඉපදීමට පුළුවනි. කෙසේ හෝ අකුසල් 07 ක් ඇත. මීට අකුසල් කර්ම පථ 07 ලෙස නම් කෙරේ.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි