ඊළඟ 09 වන කරුණ සිත ඇති වන ප්ර ධාන ස්ථානය වශයෙන් දැක්වෙන වස්තු රූප ය යි.

කර්මජ රූප නැතහොත් කටත්තා රූප වශයෙන් හැඳින්වෙන්නේ එම කර්මජ රූප 09 ට යි. ප්රුතිසන්ධිය ගන්නා විට ම ඇතැම් තැනෙක ඒවා ද එකවර ම ලැබේ. නිරයෙහි නම් එකවර ලැබේ. නිරය ඕපපාතික ප්රිතිසන්ධියක් බැවින් සිතත්, කයත් අඩුවක් නොමැති ව එකවර ම ලැබේ. මනුෂ්යැයෙකුට නම් එසේ නො ලැබේ. මව්කුස පිළිසිඳ ගන්නා සත්ත්වයෙකුට රූප සියල්ල සම්පූර්ණයෙන් නො ලැබේ. කර්මජ රූප අතුරින් සමහරක් පමණි ලැබෙන්නේ. එසේ මව්කුස පිළිසිඳ ගන්නා සත්ත්වයෙකුට ලැබෙන්නේ කාය දශක, භාව දශක, වස්තු දශක පමණි. නමුත්, එහි ජීවිත ඉන්ද්රිතයයක් ද ඇත. කාය දශකය යනු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජා, ජීවිත, කායෝ කියා දශක කලාපයක් වේ. එහි දහයේ මිටියක් ඇත. ස්ත්රි යෙක් හෝ පුරුෂයෙක් නම් එහි ද එහි ද භාව දශකයක් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජා, ඉත්ති භාව එසේ නැතහොත් පුරුෂභාව ජීවිත වශයෙන්. එය භාව දශක කලාපය යි. වස්තු දශය කලාපය නම්, සිත ඇති වන්නට සුදුසු තැන හැටියට පහළ වන එම රූපය සහිත වූ කලාපය යි. එය ද, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජා, ජීවිත, වස්තු වශයෙනි. එසේ කලාප තුනකි. සමහරුන් පහළ වන්නේ භාව දශකය නැති ව ය නැතහොත් උපදින්නේ භාව දශකය නැති ව ය. මව්කුස පිළිසිඳ ගන්නා සත්ත්වයෙක් වුව ද සමහරෙක් භාව දශකය නැති ව උපදී. ඔහු නපුංසකයා නමින් හැඳින්වේ. එසේ භාව රූපය නො මැතිව උපදින අය ද සිටී. මේ මව්කුසක උපදින ආකාර ය යි.

ඕපපාතික ප්රිතිසන්ධි ගන්නෙකුටමේ කලාප සියල්ල ම පෙර සඳහන් කළ අයුරින් චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, භාව, වස්තු, ජීවිත යන සියල්ල එකවර ලැබේ. ඒවා ලැබෙන්නේ කර්මය නිසා ම ය. ප්රළතිසන්ධිය වශයෙන් විපාකයක් ලැබෙන්නක් නො වේ. ඒ කර්මජ රූප ලැබෙන්නේපෙර භවයන්හි දී විපාකය දීම් වශයෙන් කළ කර්ම නිසා ම ය. නමුත්, එකී කර්මජ රූපවලට විපාක කියා නො කියයි. ඊට කටත්තා රූප (කර්මජ රූප) වශයෙන් නම් කෙරේ. විපාක සිත හා එහි චෛතසිකවලට කියනුයේ විපාකස්කන්ධ කියා යි. ඒවායේ වෙනස එය වේ.

විපාකස්කන්ධය, අකුසල විපාකස්කන්ධ හා කුසල විපාකස්කන්ධ කියා දැක්වේ. මෙතෙක් ප්ර ධාන වශයෙන් දැක්වූයේ අකුසල විපාකස්කන්ධයන් ය. ඇතැම් විට කුසල විපාකස්කන්ධයන් ද දැක්වූවෙමි. නමුත් ප්රවධාන වශයෙන් දැක්වූයේ අකුසල විපාකස්කන්ධයන් ගැන ය. එසේ අකුසල විපාක කොටස් දෙකක් හැටියට දැනගත්තෙමු. ප්රසතිසන්ධි විපාක හා ප්රාවෘත්ති විපාක වශයෙනි. අකුසල විපාක අතර ප්රනතිසන්ධි විපාක වශයෙන් ලැබෙන සිත් තිබෙන්නේ එක ම ය. එනම්, අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. එවිට සතර අපායෙහි උපදනා වූ මෙම අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත ප්රකතිසන්ධි සිත වශයෙන් ලැබී පහළ වන ඒ සෑම සත්ත්වයෝ ම දක්වනුයේ එක ම නමකින් ය. ඒ කවරෙකු වශයෙන් ද? අහේතුක ප්රහතිසන්ධිකයෝ වශයෙනි. මක්නිසා ද යත්? ඔවුන්ගේ ප්රිතිසන්ධි සිතෙහි අලෝභ, අදෝෂ, අමෝහ යන හේතු තුනෙන් එකක් හෝ නො යෙදේන බැවිනි. නමුත්, ලෝභ, දෝෂ හා මෝහ යන හේතු තුන ගැන නැවත පෙන්වා දිය යුතු නැත. මක් නිසා ද යත්? ලෝභ, ද්වේශ, මෝහ යන හේතු අකුසල හේතු මිස කවදා හෝ ඒවා විපාක හේතු හෝ ක්රිුයා හේතු හෝ නොවන නිසා ය. විපාක සිතක හෝ ක්රිේයා සිතක හෝ ලෝභ, ද්වේශ, මෝහ යන හේතු තුනෙන් එකක් හෝ නූපදී. එම නිසා විපාක සිතක් ගැන දැක්වීමේ දී ලෝභ, දෝෂ, මෝහ යන විපාක සිත් තුන ඉවත ලා කථා කළ යුතු ය. විපාක සිත්වල මේවා නූපදින බැවිනි. මේ විපාකය ලෝභය, ද්වේශය, මෝහය යන තුන අතරින් කිහිපයකින් යුක්ත වූ සිතක් කර්ම වශයෙන් ලැබී එහි විපාක වශයෙන් නම් මෙම ප්රලතිසන්ධිය ලැබෙන්නේ එවන් ප්ර තිසන්ධි සිතක වුව ද මෙම ලෝභ, ද්වේශ, මෝහ උපදින්නේ නැත. වෙනෙකක් තබා ඒ අකුසල විපාක වශයෙන් ලැබෙන ප්රනතිසන්ධි සිතක කිසිදු අකුසල ධර්මයක් නො මැත. අකුසල ධර්ම උපදින්නේ ම අකුසල් සිතක පමණි. විපාක සිතක ඒවා නො මැත. නමුත් ඒවා අකුසලයේ විපාක වේ. ඒවා අකුසලයේ විපාක බැවින් කුසල විපාකයේ තිබෙන ශක්තිය අකුසල් විපාකයේ නො මැත. එසේ වුව ද එම අකුසල විපාක සිතේ ද අකුසල ධර්ම නො මැති නිසා අකුසල විපාක ප්රවතිසන්ධියක් ගත් පුද්ගලයෙකුගේ වුව ද භවාංග සිත ගැන වුව ද කීමට ඇත්තේ පභස්වර යි කියා ය. පභස්වර යනු ප්රගභාෂ්වර ය, පැහැසර ය යන්න ය.

******

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි