මුලින් ම එසේ කිරීමට ඔබ කයින් එතරම් වැරදි නො කරන බවක් ඇති කර ගත යුතු ය. සතුන් මරන, සොරකම් කරන, කාම මිථ්යානචාරය කරන ආදී වූ බරපතල අකුසල් කරන බවින් කය ආරක්ෂා කර ගත යුතු ය. නමුත්, මේ ආකාරයෙන් වැඩි දෙනෙක් වචනයෙන් එම තත්ත්වය රැක ගෙන සිටින බව කිව නො හැකි ය. මක්නිසාද යත්? තොරතෝංචියක් නො මැති ව කථා කිරීමට කෙනෙකු හුරු පුරුදු වී තිබේ. තමන් කර ගන්නා පව් ගැන තොරතෝංචියක් නො මැතිව කථා කිරීමට හුරු පුරුදු වූ තැනැත්තා ඒ බැව් නො දනී. තමන්ට එම අවස්ථාවේ දී උපදනා වූ ලෝභ මූල සිත් නිසා ද පව් සිදු කර ගනී. එම අවස්ථාවේ දී උපදනා වූ ද්වේශ මූල සිත් ඇති කර ගෙන ද පව් සිදු කර ගනී. සමහර විට එම අවස්ථාවේ දී තමන්ට ඇති වන මෝහ මූල සිත් නිසා ද (විචිකිච්ඡාව ආදි) පව් සිදු කර ගනී. එම විචිකිච්ඡා අදහස් අනුනට ගරහන වචන ප්රතකාශ කරනු ලබ යි. එවන් ආකාරයෙන් වචනයෙන් බොහෝ වැරදි කරන අය ද සිටිති. වචනය හැඩගැසීමට බොහෝ අපහසු එකකි. කය එසේ නො වේ. කය තරමක් සන්සුන් කරගත හැකි ය. තමන්ට ම යම් කිසි ආකාරයකට හිතවත් ය. ඒ ඒ තත්ත්වය ඇති කර ගත හැකි ය. නමුත් වචනයට එසේ හසුරුවා ගැනීමට අපහසු ය. මක්නිසාද යත්? කෙනෙක් බොහෝ සෙයින් කථා කිරීමට පුරුදු වූ විට වැඩි කථාවලට කැමති අය ද සිටිති. සමහරු බොහෝ සෙයින් කථා කිරීමට කැමති ය. සමහරුන් එසේ කැමති නො වේ. කවුරුත් කථා නො කර සිටින්නේ නම් එයට ද සමහරු අකමැති ය. කථා නො කර සිටින්නේ ආඩම්බරයට ය යි සිතා නිරන්තරයෙන් කථා කිරීමට ම යති. එසේ කථා නො කර සිටින්නේ නම් ඒ අයට ද කථා නො කර සිටී කියා නින්දා ලැබේ. අතුල උපාසකයා හට ද බුදුපියාණන් වහන්සේ ඒ බැව් වදාළ සේක. "අද කාලෙ විතරක් නොවේ ඉස්සරත් එහෙමයි අතුල, කථා නො කර සිටින කෙනාටත් නින්දා කරනවා. බොහෝ සෙයින් කථා කරන කෙනාටත් නින්දා කරනවා. ප්ර මාණයට කථා කරන කෙනාටත් නින්දා කරනවා. එසේ නින්දා නො ලබන කෙනෙකු ලෝකයේ නැත" කියා. එම නිසා පව් සිදු වීමට හොඳ ම දොරටුවක් වන කට රැක නො ගැනීම නිසා සිදු වන්නා වූ පව්වලින් වළකින්නට ප්රපධාන කාරණය නම් කථාව අඩු කිරීම. එසේ අකුසල් සිත් ගැන කථා කිරීමේ දී කෙනෙකු අවදි ව සිටින අවස්ථාවේ දී වැඩි වශයෙන් උපදින්නේ ලෝභ මූල අකුසල් සිත් ය. එසේ වෙනස් වේ නම්, ද්වේශය වැඩි, ද්වේශ චරිතවත් පුද්ගලයින්ට හට ගන්නේ එසේ නොවේ ය. ද්වේශය වැඩි නිසා සමහරුන්ට තරහාව හට ගන්නේ උදේ පාන්දර ම ය. එසේ පටන් ගෙන රෑ නින්දට යනතුරු එම තරහෙන්ම සිටිති. සමහරු උදේ පටන් ගත් විට තොරතෝංචියක් නො මැතිව කියවා ගෙන කියවා ගෙන යති. කරන්නේ යමෙකුට බණින එකම ය. ඇති වූ යම් තරහාව නිසා ය.

අකුසල්වල ස්වභාවය එසේ ම ය. අකුසල් ඇති වෙන්නට ඉඩ නො හැර තිබෙන තුරු හොඳ ය. ඇති වූ පසු ඉන් එකිනෙකට එකිනෙකට නැගගෙන, නැගගෙන යයි. ලෝභයේ ද ස්වභාවය එසේ ය. යම් කිසි දෙයක් ගැන ලෝභ සිතක් ඇති වූ විට එය කාරණා කාරණා සිතා දුරු කර නො ගතහොත්, එම ලෝභය ලියලා වැඩේ. දියුණු වේ. සුළු එකක් සේ එය පළමු ව පටන් ගෙන මහා රුක්ෂයක ආකාරයට වැඩේ. සමහර විට එම ලෝභය නිසා ම තමන්ට නින්ද යන්නේ ද නැති තත්ත්වයකට පත් වේ. ඒ තරම් ම තමාව මෙම ලෝභයෙන් පෙළ යි. දව යි. තව යි. ඒ නිසා ය අකුසල් පිළිබඳ පැවසීමේ දී සන්තානය දවන-තවන-පෙළන ස්වභාවයෝ අකුසල් ය කියා දත යුතු ය.

දැවීම-ලෝභයෙන් දව යි, ද්වේශයෙන් දව යි, මෝහයෙන් දව යි. ඒවාට රාගාග්ගි-ද්වේශාග්ගි-මෝහාග්ගි යනුවෙන් ද දැක්වේ. එම අකුසලයෝ ගිනි ය. හරියට ගින්නෙන් පරඬැල් ආදිය දැවී යනාකාරයෙන් මේ චිත්ත සන්තානය අකුසල ධර්මයන් නිසා දැවී ය යි. අකුසල ධර්මයන්ගෙන් කෙරෙන දැවිල්ල ඉවසා ගැනීමට නො හැකි වූ අවස්ථාවල දී නොයෙකුත් පුද්ගලයන් දැඟලිලි ඇති වේ. එසේ ඇති වන අකුසලයෙන් කෙරෙන දැඟලිලි වන්නේ ලෝභය නිසා ඇති වෙන දැවිල්ලත්, එසේ ම ද්වේශයෙන්, මෝහයෙන් ආදියත් ය. ලෝභයත්, ද්වේශයත්, මෝහයත් යන මේවා චිත්ත සන්තානයට ඇති වන ගින්නක් වැනි ය. එවිට චිත්ත සන්තානය පවතින්නේ (සිත් පවතින්නේ) හෘදය වස්තුව නම් වූ රූපය ඇසුරු කොට ගෙන ය. එම රූපය ඇසුරු කොට ඇති වන්නාවූ සිතේ දාහය එම රූපය කෙරෙහි ද, අන් රූපයන්ට ද බලපා යි. එම නිසා සමහරු ද්වේශය උත්සන්න ව ඇති වූ කල්හි එයින් කෙරෙන චිත්ත සන්තානයේ දැවිල්ල හෘදය වස්තුවට ද එම දැවිල්ල ගැන්වී මුළු ශරීරය ම දවන ස්වභාවයක් ඇති වේ. එසේ බරපතල තරහාවක් ඇති වූ සමහර පුද්ගලයින් දාහයෙන් දැවී එසේ මැරී ඇද වැටේ. එසේ ද්වේශ ගින්නෙන් දැවී මැරී ඇද වැටුණු අතීත කථා පුවත් ඇත. එවන් මෙම අකුසලයන්ගේ නරක ස්වභායයක් ඇත. කුසලයේ එම ස්වභාවය නො මැත. අකුසලයන්ගේ ඇත්තේ සන්තානයේ දවන, තවන, පෙළන ස්වභාවයකි. එම පෙළීම ඉවසීමට ද නො හැකි පෙළීමක් වන්නේ ය. එසේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කරන ඒ සියල්ල ඈඳී යන, ද්වේශය සමඟ ද තවත් සම්බන්ධ වන දේවල් ද ඇත. එනම්, ඊර්ෂ්යාඇව, මසුරුකම ඒවා වේ. ඒවායින් කෙරෙනුයේ දැවීම ය. එසේ දැවීම නිසා කෙනෙකු තමන්ගේ සන්තානය ද දවා ගනී.

නිදසුනක් පෙන්වා දිය හැකි ය. එක්තරා මසුරු සිටාණෝ කෙනෙක් බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවේ දී කැවුම් කෑමේ බරපතළ ආශාවක් ඇති විය. ඒ ගැන හේ ආශාවෙන් දිගින් දිගට ම පෙළුණේ ය. ඒ ගැන කිසිවෙකුටවත් පැවසුවේ ද නැත. නමුත් ඔහුට කැවුම් සෑදීමට මිල මුදලක් කැවුම් වැය වන නිසා ආශාවෙන් පෙළීමෙන් ම ඔහු රෝගී වූ බවත් එම කථාවේ දැක්වේ. එතැන දී සිදු වූයේ ඔහු බොහෝ ආශාවෙන් පෙළීමකි.

මෙවන් කථා පුවතක් ලංකාවේ අතීතයෙන් දැක්වේ . ලංකාවේ අතීතයේ සිටි තිස්ස කියා රජකෙනෙකුට වටු මස් කෑමේ ආශාවක් ඇති විය. පව් සිදු වීම නිසා වටුවන් මැරවීමට රජු අකැමැති විය. එහෙත් කිවහොත් රජවාසලට ම සෑහෙන්න වටු මස් ලැබේ. කෑමට තිබෙන ආශාව දිගට ම පැවතුණි. එම නිසා ම රජතුමා ලෙඩෙක් බවට පත් විය.

ද්වේශය ද එම ආකාරය ම ය. එම නිසා ම ලෝභය, ද්වේශය මේ දෙක නිසා ම සිදු වන දැවිල්ල, තැවිල්ල බොහෝ ප්ර කට ය. එම දෙක ම ඒ ආකාරයෙන් උපදින්නේ සත්යක ස්වභාවය ඒ අයුරින් නො පෙන්වා වසා ගෙන සිටින මෝහය නිසා ය. මෝහයෙන් පුද්ගලයා මුළා කර යි. එම නිසා නො ඇලිය යුතු දේවල ඇලෙ යි. නො ගැටිය යුතු වස්තූන් හි ගැටෙ යි. විරුද්ධ වෙ යි. ගැටෙන්නේ පටිඝ නිමිත්තේ අයෝනිසෝ මනසිකාර ය ය. ඇලෙන්නේ සුභ නිමිත්තේ අයෝනිසෝ මනසිකාරය නිසා ය. සුභ ය කියා ගතහොත්, සුභ නිමිත්තේ ඇලෙ යි. අමනාප, නොකැමැති නිමිත්තේ ගැටෙයි. ගැටීම ද්වේශය, ඇලීම ලෝභය. එම දෙක ම නැති ව සිටීමට පුළුවන් කමයි ඇති කර ගැනීමට අවශ්යන වන්නේ. එවිට ලෝභයෙන් කරන දැවීම, තැවීම, පෙළීම නිසා සිදු කරන අකුසලයන්ගෙන් බොහෝ විට ප්රේිතව සිටීමට සිදු වේ. සමහරෙකුට ආහාරය පිළිබඳ ඝේදය ඇති වේ. ආහාරයෙහි ඝේදය නම් ගිජුකම යි. එම ගිජුකම බුදු දහම ඉගෙන ගත්, බුදු දහම පිළිගත් පුද්ගලයන්ට නම්, එම ආහාර ඝේදය, කෙසේ වත් ඇති කර නොගත යුතු තත්ත්වයකි. බුදු දහම නො පිළිගත් ඇතැම් තීර්ථකයන් හට ආහාරයේ ගිජුකම නිසා ආහාරය ගත් ආකාරය ගැන මෙහි දී සඳහන් කළ හැකි ය. ඔවුන් සිදු කරන්නේ කන එක ම ය. ඔවුන් ජීවත් වන්නේ කන්න ය. සමහරකු කන්නේ ජීවත් වන්න ය. ආහාර ඝේදය ඇති පුද්ගලයින් ජීවත් වන්නේ කන්න ය. ආහාරයේ ඇති ප්ර යෝජනය තේරුම් ගෙන සලකා ගෙන එය නිවැරදි ව පරිහරණය කරයි නම්, ඔහුට එහි නොඇලී ඒ ආහාරය භුක්ති විඳීමට හැකි ය. නමුත්, ඇල්ම නම් ඇති වේ. සමහරෙකු මෙසේ සිතිය හැකි ය. ඒ ආහාරය ගැන ආශාවක් උපදවා ගැනීම වරදක් නොවේ කියා. ආශාව තරමකට උපදවා ගත්ත ද එය වරදක් නො වේ. නමුත් බුදු දහමේ උගන්වන්නේ ඒ ආශාව ද දුරුකිරීම ය. යම් කිසිවකට ආශාව උපදවා ගතහොත්, ඒ අවස්ථාවේ දී සඳහන් කළයුතු වන්නේ ලෝභ මූල සිතක් උපදවා ගත් බව ය. ලෝභ මූල සිතක් යනු වුවමනාවෙන් උපදවා ගත යුතු සිතක් නො වේ. එය ඇති වන ඇති වන අවස්ථාවල දී දැක දුරු කර ගතයුතු සිතකි. ඇති වෙන්නට අවස්ථාවක් නො ලැබෙන පරිදි ද, ඇති වෙන සිත දුරු කර ගැනීමට හැකි පරිදි ද පිළිපැදිය යුතු වේ. බොහෝ විට මෙම තත්ත්වය ඇති වන්නේ රැවටිලි හේතුවෙනි. කුමකින් ද රවටනුයේ? මෝහයෙනි. මෝහය සත්ත්වයා මුළා කරයි. ඇත්ත නැති සේ ද, නැත්ත ඇති සේ ද පෙනී යයි. එසේ වන්නේ මුළාව හේතු වෙන් ය. එසේ ඇලීම හා ගැටීම සිදු වන්නේ ය. ඇලෙන්නට දේයක් ද ගැටෙන්නට දෙයක් ද නැත ය යන සම්ය ග්දර්ශනය උපදවා ගත් විට ඒ ලෝභ මූල සිත් ය, ද්වේශ මූල සිත් ය, මෝහ මූල සිත් ය, යන මේවා ඉපදීමට අවස්ථාවක් නැතිව යයි.

අකුසල් සිත් 12 වන ලෝභ, ද්වේශ, මෝහ යන සිත් පිළිබඳ විස්තර මෙතෙක් නිමා විය. ***

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි