මීළඟට සලකා බැලිය යුතු වන්නේ මෙතෙක් ඉගෙන ගත් සිත් පිළිබඳව ය. පසුගිය කොටස්වලින් පෙන්වා දුන් ආකාරයට මෙම කොටසින් මෝහ මූල සිත් දෙක ගැන ඉගෙන ගෙන ඉන් අනතුරුව, අකුසල් සිත් 12 ගැන සමාලෝචනයක් කරන බව සඳහන් කළෙමි.

මෝහ මූල සිත් මෝමූල සිත් හා මෝහ මූල සිත් වශයෙන් නම් කර ඇත. හ යන්න ලොප් කොට මෝ මූල සිත් වශයෙන් ද දක්වා ඇත. මෝහ මූල සිත් වශයෙන් මේවා නම් කොට ඇත්තේ බලවත් වූ මෝහයෙන් යුක්ත සිත් වන බැවිනි. අනිත් සිත් මෝහයෙන් යුක්ත නමුදු ඒවා ලෝභ මූල හා දෝෂ මූල වෙනවා. මේ පිළිබඳ කලින් ද සඳහන් කළ අතර, ලෝභ මූල සිත් 08 ම ලෝභය හා මෝහය යන හේතු 02 නැතහොත් මූල 02 යෙදේ. දෝෂ මූල සිත් දෙකෙහි දෝෂ හා මෝහ යන හේතු දෙක ම යෙදේ.

හේතු නැතහොත්, මූල වශයෙන් දක්වන ධර්මවලින් ලෝභ මූල සිත්වල හේතු 02 ක් යෙදේ. මෝහ මූල සිත්වල මෝහය හැර වෙනත් හේතුවක් නොමැත. අනෙක් සිත්වල ද අනෙකුත් චෛතසික ඇත. නමුත්, හේතු නැතහොත්, මූල නාමයෙන් දක්වා තිබෙන චෛතසික අතුරෙන් මෝහය වශයෙන් සඳහන් වන්නා වූ හේතුව පමණ යි මෝහ මූල සිත් දෙකේ ඇත්තේ. ඒ මෝහය බලවත් මෝහයකි. බලවත් මෝහය නිසා විචිකිච්ඡාව උපදින්නේ ආරම්මණයන්ගේ (අරමුණුවල) තත්ත්වයන් තමාට සලකා ගත නො හැකි ව ය. සැක කළයුතු දේවල් ගැන සැක කිරීම වරදක් හෝ අකුසලයක් නො වේ. සමහර කරුණු පිළිබඳව යමෙකුට සැක උපදී. එම සැකය අකුසල සැකයක් සමහර විට වන්නට පිළිවන. සමහර විට එසේ නො වන්නට පිළිවන. එය සාධාරණ දෙයක් පිළිබද ඇති වන සැකයක් වන්නට පිළිවන.
බුද්ධාදී අට තැන එසේ නො වේ. සැක නො කළ යුතු සත්යැ ධර්මයන් ය. සමහර අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුටු සමහර කරුණු පවා ප්රසකාශ කර නැත්තේ ද එහෙයිනි. එසේ ප්රාකාශ නොකළ කාරණය තමන් වහන්සේ ප්රරකාශ කරන මේ කරුණු අසත්යතයක් කියා යමෙක් සිතුවහොත් ඒ සිතූ තැනැත්තා හට මහත් අහිත පිණිස පවතින නිසා ය. උන්වහන්සේ දැනගත් තවත් කරුණු අජගහප්රේෙත, අත්තසංගණික ප්රේ්ත ආදීන් පිළිබඳ සාක්ෂියක් පැමිණෙන තුරු ප්රශකාශ නො කළ සේක. එසේ නො කළේ අන්යතයන් කෙරෙහි තිබෙන අනුකම්පාව නිසා ය. මක්නිසා ද යත්, බුදුරජාණන් වහන්සේ ප්රොකාශ කරන්නේ සත්ය යක් ම ය. අසත්යරයක් ප්රකකාශ නොකරන සේක. එසේ සත්ය්යක් ප්රරකාශ කරන බුදුරජාණන් වහන්සේගේ එම ප්ර්කාශයක් පිළිබඳ යමෙක් අසත්ය්යක් වශයෙන් ප්රණකාශ කරන්නේ නම්, එසේ කියන තැනැත්තා හට බොහෝ සෙයින් අහිත පිණිස පවතී. ඔහුගේ අයහපත පිණිස එය පවතී. එබැවින්, සැක නො කළයුතු කරුණු ඇත.

බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිනවිධ රත්නය සැක නො කළයුතු රත්නයන් 03 යි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන සේක, මා විසින් සියලු දතයුතු ධර්ම දැන, සම්මා සම්බුද්ධ බව අවබෝධ කර ගත් පසු මිස, මා සම්මා සම්බුදු වෙමි යි ප්ර කාශ නො කරමි යි ප්රධකාශ කළ සේක. කිසිදු දවසක, කිසිම අවස්ථාවක තමන් දතයුතු ධර්ම නො දැන, එසේ සම්මා සම්බුදු වෙමි යි ප්රරකාශ නො කළ සේක. උන්වහන්සේ තමන් වහන්සේ අනුත්තර සම්යඅග් සම්බුද්ධ බව ප්ර්කාශ කළේ ද එම දතයුතු ධර්ම සියල්ල ම දැනගත් පසු ව ය.

එබඳු බුදුරජාණන් වහන්සේ ගැන යමෙක් එසේ සැක කරන්නේ නම්, ඔහු වෙනත් දෘෂ්ටියක් ධර්මයක් අදහන්නෙක් වීමට ද හැකි ය. නමුත්, ඔහුට වුව ද එය අයහපත පිණිස හේතු වේ.

උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ධර්මයකි. එනම්, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ය යනු, මුල, මැද, අග මනාකොට දේශනා කොට ඇති ධර්මයකි. එම ධර්මයෙහි සැක ඉපදවීමට කිසිදු තැනක් නො මැත. එම ධර්මය අසා ඒ අනුව පිළිපැදිය හොත්, පිළිපැදීම නිසා ලබන ප්රිතිඵලය ලබාගැනීමට ද පිළිවන. පච්චත්තං වේදිතබ්භෝ විඤ්ඤෝ හි යනුවෙන් උන්වහන්සේ වදාළේ එම නිසා ය. එවන් ධර්මයක් පිළිබඳ ව කෙනෙක් සැක කරයි නම්, එම සැක නො කළ යුතු දෙයක් පිළිබඳ ව කරන සැකයකි.

සංඝයා ගැන දැක්වීමේ දී සැරියුත්, මුගලන් ආදී කොට ඇත්තේ මහා සංඝරත්නය යි. සංඝරත්නය ඇති වූයේ බුදු රජාණන් වහන්සේගේ පහළ වීම නිසා ය. එම සංඝ සමූහයාට ඇතුළත් වන්නේ, උන්වහන්සේගේ ධර්මය පිළිගෙන, එම ධර්මයට අනුව පිළිගෙන, ඒ අනුව පිළිපැද, සෝවාන් ආදී මාර්ගයඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලයෝ ය. සැක නො කළ යුතු තැන සැක ඇති කර ගැනීමක් වන්නේ එවන් මාර්ගේඵලයනට පැමිණි සංඝයා ගැන එබඳු පුද්ගලයන් ගැන මෙබඳු වූ පුද්ගලයන් ඇත් දැ යි සැක ඇති කර ගැනී ම ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි