සත්ත්ව පුද්ගල ව්ය වහාරයට හේතු වන දේවල් මොනවා ද? ස්කන්ධ වශයෙන් සලකත් නම්, මෙසේ සඳහන් කළ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන 05 ද, ආයතන වශයෙන් සඳහන් කිරීමේ දී ආයතන 12, ධාතු වශයෙන් සැලකීමේ දී ධාතු 18 ය යන මේවා ය. එම නිසා පරමාර්ථ්ය ගැන සොයා බැලිය යුත්තේ ප්රේඥාප්තිය හෙවත්, සම්මුතිය බිඳ හාරා ඇවිස්සීමෙන්.

ප්රතඥාප්තිය යනු පැනවීම ය. ලෝකයාගේ පැනවීම පඤ්ඤාප්ති ය යි. පනවනු ලබන හෙයින් ද පඤ්ඤාප්ති නම් වේ. අප කථා‌ කරන සෑම වචනයක් ම ඇතුළත් වනුයේ සම්මුතියේ ය, පඥාප්තියේ ය. අප විසින් කථා කරනවා කියනු ලබන වචනය ද සම්මුතියකි. ප්ර ඥාප්තියකි. මම යනවා කියන විට ද ප්රාඥාප්තියකි. සම්මුතියකි. එය ලෝකයේ පිළිගැනීම ය. මෙහි පරමාර්ථ‍ය කුමක් ද? එය සොයා බැලීමෙන් තොර ව නො වැටහේ. එය බෙදා බැලිය යුතු ය. එය සොයා බැලීමේ දී බෙදා බැලීමේ දී, මම ය කීවේ කුමකට ද? ස්කන්ධ වශයෙන්වශයෙන් කලින් සඳහන් කළ 05 ය. යනවා ය, කියා සඳහන් කළ විට රූපයට යන බවක් නැත. රූපයට යාමේ හැකියාවක් නොමැත. රූපය යවනාකාරයේ පෙන්වන්නට පුළුවන් වනුයේ සිතට ය. සිත තිබේ නම් රූපය ගමන් කර විය හැකි ය. රූකඩ නැටුමක් මෙන් නූලක් ලණුවක් පැත්තකින් සිට යම් රූපයකට අමුණා අයෙක් එහා මෙහා අදින කල නටවන්නාක් මෙන් පෙනේ. එය කරවන්නා සිත මෙහෙයවා සෙලවිය යුතු ය. එවන් ආකාරයේ වූ මේ ශරීරය ද, කිසිවක් කළ නොහැකි එකකි. “අචිරං වතයං කායෝ-පඨවිං අධි සෙස්සති-ඡුද්ධෝ අපේථ විඤ්ඤාණෝ-නිරත්ථංව කලිගරං” එහි තේරුම, මෙම ශරීරය බොහෝ කලක් නොපවතින්නකි. පොළොව මත ඇද වැටේ. සිත මේ ශරීරයෙන් පහව ගිය කල්හි ශරීරය දිරාගිය කැට කැබැලිත්තක් මෙන් දිරාගිය ලී කැබැල්ලක් මෙන් කිසි වැඩක් නොමැති දෙයක් බවට පත්වේ. ශරීරය ක්රිායා කළ හැකිව පවතිනුයේ සිත මේ ශරීරය ඇසුරු කොට ඇති නිසා ය. එම නිසා මම යනවා ය යනුවෙන් අදහස් කරන විට එයට සම්බන්ධ වන (එම ක්රිකයාවට සම්බන්ධ වන) ධර්මයන් සොයා ගත යුතු ය. එම සොයන ධර්ම අවශ්යන වනුයේ පරමාර්ථස නම් ගොඩට ය. මම ය කියා සඳහන් කළ තැනැත්කකුගේ යාමට සම්බන්ධ වන ධර්මයන් සොයා ගත යුතු ය. එම සොයන ධර්ම අයත් වනුයේ, පරමාර්ථත නම් ගොඩට ය. මම ය කියා ගනු ලබන්නා වූ තැනැත්තකුගේ යාම කෙසේ සිදුවන්නක් ද කියා සැලකීමේ දී, යන්නට ඕනෑ ය කියා සිතන සිතත්, යාමේ සිත ද යමෙකු හට ඇති වේ. යාම ය, කියනු ලබන්නා වූ ක්රි,යාව සිදු කිරීමට අවශ්යි වන්නා වූ රූප පහළ වේ. එම නිසා ය යාම සිදු වනුයේ. "කාරකෝ න කිරියාව විජ්ජතී" ක්රිරයාවක් තිබේ. කරන්නෙකු නැත. යාමේ සිත ද, එම සිත අනුව යාමේ ක්රිායාව වශයෙන් ඇති වන රූපයන් ද (නාම-රූප දෙකක්) ඇත. නමුත් යන කෙනෙකු නොමැත. එසේ වුව ද සාමාන්යඇයෙන් අපගේ පිළි ගැනීම එය නොවේ. පරමාර්ථයය එසේ වුව ද, සාමාන්ය යෙන් අපි කථා කරන්නේ සම්මතය මත පිහිටා ය.

මෙම රූප ක්රිහයාවට නිදසුනක්:- සිහින් වියළි වැලි කොට්ට උරයකට පුරවා තමන් හට පෙනෙන ස්ථානයක කඹයකින් ගසක අත්තක් මත එල්ලීමත්, ඉන් පසුව කොට්ට උරයේ යටි පැත්තෙන් සිදුරක් විදීම. සිදුර කළ විට එහි පුරවා ඇති සිහින්, වියළි වැලි නො විසිරී පවතින්නේ ඒවා කොට්ටය බදාගෙන පැවතීම නිසා බිමට ඇද නොවැටී තිබීම ය. එම නිසා දැන් වැලි එම සිදුරින් වැගිරීමට පටන් ගනී. දුරක සිට බලා සිටින අයෙකු හට නොකඩවා ඇද හැලෙන්නා වූ වැලි ධාරාව කොට්ට උරයත්, පොළොවත් අතර සිටුවා ඇති කෝටුවත් මෙන් දැකිය හැකි ය. එම කොට්ට උරය ටිකකට තල්ලු කර හැරිය විට මෙසේ බලා සිටින අයට දැකිය හැක්කේ කලින් කෝටුවක් මෙන් දක්නට ලැබුණු ආකාරයෙන් නොවේ, කෝටුව එහා-මෙහා යන අන්දම ය. නැතහොත්, කෝටුව එහා-මෙහා ගමන් ගන්නා අන්දම ය. ඇත්ත වශයෙන් ම වැලි ධාරාව එහා මෙහා යන්නේ ද යන්න සලකා බැලිය යුත්තකි. නමුත් වැලි ධාරාව එසේ යන්නක් නොවේ. කලින් එකතැන කොට්ට උරය එල්ලා තබා තිබිය දී පහළට කෙළින් ඇද වැටුණු වැලි ධාරාව මය මෙම මොහොතේ ද ඇද වැටෙන්නේ. නමුත්, සිදු කළ තල්ලු කිරීම නිසා බලා සිටින තැනැත්තා හට පෙනී යන්නේ වැලි ධාරාව එහාට හා මෙහාට ගමන් කරන ආකාරය යි. එම වැලි ටික වැගිරුණු සිදුර ද එම තැන ම ය. සිදුරු ගොඩක් ද නොමැත. එම සිදුර ම ය. මේ නිදසුනේ ආකාරයට යම් අයෙකු ගමන් කරන අවස්ථාවේ දී ඇති වන රූපයන් හා නැති වන රූපයන්ගේ ක්රිනයා මාත්රනය බලා සිටිය අයෙකු හට තේරුම් යනුයේ ශරීරය, පාදය යන ආකාරයෙනි. මෙය ගැඹුරු කරුණකි. එය නිකම් ම නොවැටහේ. මෙය පරමාර්ථ ස්වභාවය මෙහි දැක්වෙන ලද කරුණු අනුව තේරුම් ගත හැකි වුව ද, මෙය ඉතා හොඳින් වැටහෙන්නේ භාවනා ම ය නුවණ උපදවා ගැනීමෙනි. විදර්ශනා වඩන අය දැනගනුයේ, ප්ර ත්යික්ෂඑ කරන්නේ පරමාර්ථහයන් ය. අභිධර්මයේ දී කෙරෙනුයේ මේවා විස්තර වශයෙන් ඉගැන්වීම ය. එබැවින්, කලින් පෙන්නන ලද කොට්ට උරයෙන් වැගිරෙන වැලි ධාරාව මෙන් මෙම ශරීරයෙහි ඇත්තේ නිරන්තරයෙන් ඇති වෙන-ඇති වෙන රූප නැති වෙන රූපයන් ය. එය, රූපයන්ගේ ස්වභාව ය ය. එසේම, එම රූපයන් ඒ අයුරින් ඇති වීම හා නැති වීමේ ස්වභාවයට ඉවහල් වූ සිත ද ඇති වෙන, නැති වන එකකි. මෙයට සම්බන්ධ වූයේ සිත හා කය ය. සිත මීට වඩා ඉක්මණින් ඇති වෙමින් නැති වෙමින් යයි. මෙම සිත හා කයට ම ය නාමයන් හා රූප යනුවෙන් හැඳින්වෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ වශයෙන් සවිස්තරව හැඳින්වෙන්නේ ද මෙය ම ය. මෙහි දී යන්නේ කුමක් දැ යි ඇසුවහොත්, කිවයුතු පරමාර්ථය වශයෙන් සලකා එහි රූපස්කන්ධයන් හා වේදනා ස්කන්ධාදිය පවත්නා පංචස්කන්ධයක ක්රියයාවක් හැටියට ය.

මෙය සිතින්ම කළ යුතු දෙයකි. එනම්, යමක් කියා ගතහැකි ඇසට හසුවන දෙයක් බෙදා ගෙන බෙදා ගෙන ගොස් වෙන් කළ නොහැකි තත්ත්වයකට පැමිණේ. එවන් තත්ත්වයට පැමිණි විට රූප කලාපයක් යනුවෙන් හැඳින්වේ. එම රූප කලාපයේ කෙසේ හෝ වෙන් කළ නොහැකි රූප 08 කි. එම 08 නම්, පඨවි, ආපෝ, තේජෝ,වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජා යන්න ය. එය විද්යාසවේ දී උගන්වන පරමානුවට ද වඩා විශාල වශයෙන් කුඩා ම කොටසකි. සූක්ෂ ම ධාතුවකි. එහි කොටස් 08 කින් යුතු ධාතු පුංජයකි. මේ ආකාරයට රූප පිළිබඳ විග්රමහයක් දැක්විය හැකි යි. පරමාර්ථපය පිළිබඳ ඉගෙනීමේ දී ප්රකඥාප්තිය ගැන ද ඉගෙන ගත යුතු ය. ප්රිඥාප්තිය යනු ලෝක ව්යයවහාරය යි. සම්මුතිය කියනුයේ ද එයට ය. ලෝක ව්යයවහාර වශයෙන් සත්ය වන දේ ඇතත්, පරමාර්ථු වශයෙන් අසත්ය යකි. උදාහරණ වශයෙන් මම ය, කියා පුද්ගලයෙක් සම්මුති වශයෙන් ඇතත්, පරමාර්ථව වශයෙන් ලා බැලීමේ දී එසේ මම ය කියා පුද්ගලයෙකු පරමාර්ථා වශයෙන් නොලැබේ. පරමාර්ථය වශයෙන් ඇත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ වශයෙනි. මේවා සතර පරමාර්ථ‍ වශයෙන් දැක්වීමේ ‌දී චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන වශයෙන් දැක්විය හැකිය. මෙයින් ද, මම ය කියා සලකනු ලබන සත්ත්වයා චිත්ත, චෛතසික හා රූප යන කොටස් 03 යන පරමාර්ථඤ ධර්ම පුංජයකි. අනිත් පරමාර්ථනය නිර්වාණ ය ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි