මීළඟට පටිඝය යනු කුමක් දැ යි දැනගත යුතු ය. පටිඝය යනු, අරමුණෙහි විරුද්ධව හැපෙන ස්වභාව ය යි. "පටි අඤ්ඤතීති පටිඝෝ". ද්වේශයේ ස්වභාවය කුමක් ද? චණ්ඩ ගතිය ද්වේශයේ ස්වභාව ය යි. බොහෝ සැඩ බව ය. මේ අනුව මේවායේ තරාතිරම් ඇත. සැම විට ම උපදනා ද්වේශය එකම මට්ටමේ නොවේ. සමහර විට මේවා හුදු ද්වේශ මාත්රේයක් පමණි. ඊට එහා නො ය යි. සමහර විට ද්වේශය උපදින්නේ තමාගේ වචනය ක්රි යාත්මක කිරීමට හේතු වන තරමින් ය. තවත් ද්වේශය ඉපදීමට පුළුවන්, අතපය ද, එහා මෙහා කිරීමට තරමින්. ඊටත් වඩා සැඩ පරුෂ ව ද්වේශය ඉපදීමට පුළුවන් කෙනෙකුගේ ජීවිතය පවා නැති කිරීමට හේතු වන තරමින්. මේ ආකාරයෙන් ද්වේශයේ නොයෙක් තරාතිරම් ඇත. කොයි අවස්ථාවේ දී වුව ද, තරහවක් උපදී ද එහි ගණ බාලත්වය, අඩු බව, මන්ද බව වශයෙන් නොයෙකුත් වෙනස් කම් තිබුණ ද, උපදනා සිත නම් කරනුයේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත එක්කෝ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත ලෙස ය. මේ ආකාරයෙන් කොටස් දෙකක් ඇත. එබැවින්, කුමන අවස්ථාවේ, කුමන වෙලාවක හෝතරහව උපන්නහොත්, එම උපදනා අවස්ථාවේ දී ඇති වන සිත මේ සිත් දෙක අතරින් එකකි. එම නිසා එම තරහව නොයෙක් ආකාරයට උපදී.

සමහර විට එය පිළිකුළක් හැටියට උපදී. "මම ඒ තැනැත්තාව පිළිකුල් කොට සලකනවා" කියා ද, "අපට ඔහු කෙරෙහි දැන් අප්රකසාදයක් ඇති වී තිබෙනවා" කියා. එබැවින්, පිළිකුළ හැටියට ඇතිවන්නේ ද තරහවකි. අප්රහසාදය වශයෙන් ඇති වන්නේ ද තරහවකි. ඒ ආකාරයට එය ද තරහේ ඒ ඒ ආකාරය ගන්නා වූ එක්තරා මට්ටම් නැතහොත් තත්ත්වයන් පවතී. එසේ වෙනස් කම් පවතී. එසේ වෙනස්කම් කෙතරම් තිබුණ ද, සිත වශයෙන් නම් වන්නේ එකම සිතකි. එනම්, ද්වේශ මූල සිත ය. නමුත්, එය නම් කර ඇත්තේ, කලින් සිත් නම් කර ඇති ආකාරයට කලින් සඳහන් කළ වේදනා හැටියට සෝමනස්ස හෝ උපේක්ෂා වශයෙන් නොවේ. එය නම් කර ඇත්තේ දෝමනස්ස හැටියට ය. සෝමනස්සය නම් ප්රී තිය, සතුට, සොම්නස යන අර්ථය යි. උපේක්ෂා යයි දැක්වූයේ එසේ ප්රී්තියක් හෝ සොම්නසක් නොමැති මැදහත් බවකි. මෙහි දී ඇති වන්නේ දෝමනස්සය යි.
දෝමනස්සය යනු, පටිඝය නම් වූ තහරවත් සමග පහළ වන එකට උපදින අරමුණ පිළිබඳව අරමුණ සමග මතුවන අනිෂ්ට රසය යි. විඳීම යනු වේදනාව ය. එහි දී ඇති වන අරමුණ ගැන මීට කලින් සඳහන් කළ ආකාරය මතක් කර ගන්න. එනම්, අරමුණ ඉෂ්ට, අරමුණ අනිෂ්ට එසේ නැතහොත්, අරමුණ මධ්යමස්ථ වශයෙන් දැක්වූ ආකාරය. දෝමනස්සය නැතහොත්, තරහව උපදින්නේ ඉෂ්ට අරමුණකින් නොවේ. මධ්ය,ස්ථ අරමුණකින් ද නොවේ. එසේ නම් කුමකින් ද?

තමන් නො කැමැති අනිෂ්ට අරමුණකින් තරහව උපදින්නේ ය. සමහර විටක අන්ය්යන් ප්රිඅය කරන අරමුණක් ද විය හැකි ය. එහෙත් තමා අප්රි ය කරන අරමුණක් වේ. ඇතැම් විට තමන් කලින් ප්රිඅය කළ වර්තමානයේ අප්රිහය කරනු ලබන්නා වූ අරමුණක් ද විය හැකි ය. කෙසේ හෝ තරහව, දෝමනස්සය උපදින්නේ අප්රි ය අනිෂ්ට අමනාප අරමුණක් නිසා ය. කෙසේ හෝ තමන් සලකන හැටියට අප්රි ය විය හැකි ය. නමුත් එහි ඇත්ත වශයෙන් අප්රි්ය අනිෂ්ටත්වයක් නැති විය හැකි ය. ඊට කියනුයේ පරිකල්පිතය කියා ය. තමා සලකා ගන්නා විධිහට අනිෂ්ට ය. මේ ආකාරයෙන් සලකා බලමු. කිසියම් පිරිසක් යම් හොඳ ධර්ම දේශනයකට සවන් දෙනු ලබයි. එය යහපත් දෙයකි. මොනම විධිහකින් සලකා බැලුව ද මෙම කරන ක්රි යාවේ කාහටවත් අර්ථයක් මිස අනර්ථයක් සිදු නොවේ. ධර්ම දේශනය කරනු ලබන හිමිනමටත්, අසන පිරිසටත් මේ පිළිබඳ සතුටු සිත් උපදවා ගන්නා නැතහොත්, පින් සිත් ඇති කර ගන්නා වූ යම් තරම් පිරිසක් වෙත් නම් ඒ සෑම දෙනාටමත් මෙය යහපත පිණිස පවත්නා ක්රි යාවකි‍. නමුත්, එය ම තවත් යම් කිසිවෙකු හට අනිෂ්ට අරමුණක් හැටියට හිතීමට නො හැකි ද? එම නිසා ම තරහව ඇති කර ගන්න පුළුවනි. එම තරහව උපදිනවා නම් එය උපදින්නේ තමා අනිෂ්ට වශයෙන් සලකන තමාට අප්රිසය, අමනාප අරමුණු යම් කිසිවක් නිසා ය. තරහාව ඉෂ්ටාරම්මණයේ නො ඉපිද අනිෂ්ටාරම්මණයේ උපදින්නේ එම නිසා ය. එහි තරහව ඇති නිසා ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි