මීළඟට මෝහ මූල සිත් අතරින් දෙවැනි මෝහ මූල සිත වන උපේක්ෂා සම්පයුක්ත උද්ධච්ච සම්පයුක්ත සිත ගැන විස්තර කළ යුතු ය. වේදනාව උපේක්ෂා වේදනාව ම ය. උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත කියා මෙය හැඳින්වේ. උද්ධච්ච යනු, සිතෙහි ඇති වන චෛතසිකයකට නමකි. නැතහොත් සිතෙහි උපදනා චෛතසිකයකි. එය අකුසල චෛතසිකයකි. කුසල චෛතසිකයක් නොවේ. හැම අකුසල සිතක ම ලැබෙන චෛතසිකයකි. එහෙත්, මෙම සිතෙහි දී පමණක් එය වෙන් කොට ගෙන එය සමඟ යෙදෙන සිත කියා නම් කොට ඇත. නැතහොත්, උද්ධච්චය නම් වූ අකුසල ධර්මයත් සමඟ යෙදෙන සිත නිසා එයට උද්ධච්ච සිත කියා කිය යි. ලෝභ මූල සිත ගැන කලින් සඳහන් කළ අතර, ලෝභ මූල සිත් 08 හි මෙම උද්ධච්චය චෛතසිකයක් හැටියට යෙදේ.

ඊළඟට ද්වේශ මූල සිත් දෙකක් ගැන සඳහන් කළ අතර, එම සිත් දෙකෙහි ද මෙම උද්ධච්ච නම් වූ චෛතසිකය අකුසල චෛතසිකයක් හැටියට යෙදේ. නමුත් ඒවා වෙනත් ධර්මයන් සමඟ ද යෙදේ. එනම්, ඒවායේ සම්පයුක්ත භාවය සිතෙහි ම සඳහන් කරන විට දිට්ඨිගත සම්පයුක්තය කියා ලෝභ මූල සිත් පිළිබඳවත්, පටිඝ සම්පයුක්තය පිළිබඳව දෝෂ මූලය පිළිබඳවත් සඳහන් කළා මිස උද්ධච්චය ගැන සඳහන් නො කරයි. ඒ අනුව විචිකිච්ඡා සම්පයුක්ත සිතෙහි ද උද්ධච්චය යෙදේ. නමුත්, එහි දී උද්ධච්චය ගැන විශේෂයෙන් සඳහන් නො කර ඒ සිත වෙන් කොට ගන්නේ ඒ සමඟ යෙදෙන විචිකිච්ඡා සම්පයුක්ත සිත ය. මෙම සිත අනිත් සිත්වල ද යෙදෙන උද්ධච්චය වෙන් කර ගෙන උද්ධච්ච සම්පයුක්ත සිත වශයෙන් නම් කර යි. උද්ධච්චය සමඟ එකට යෙදෙන සිත ය යන්න ය එහි අර්ථය. එසේ කියන්නේ මන්ද? මෙම සිතෙහි යෙදෙනඋද්ධච්චය අනිත් සිත්වල යෙදෙන උද්ධච්චයට වඩා එක තත්ත්වයකින් වැඩි ය. එනම්, බලවත් වූ උද්ධච්චයකි එහි යෙදෙන්නේ. අනිත් සිත්වල තිබෙන උද්ධච්චයට වඩා එම සිත්වල යෙදෙන අනිත් ධර්ම ඉස්මතු වෙලා පෙනේ. එක සිතක යෙදෙන ධර්මවලින් සමහර ඒවා අනිත් ඒවාට වඩා නැතහොත්, අනිත් ධර්මයන් පරයා උඩට නගින තත්ත්වයක්, ඉස්මතු වීමක් තිබේ. ඒවා මෙම සිතෙහි යෙදෙන අනෙකුත් චෛතසිකයන් අතර මෙම උද්ධච්චය ප්රෙබල ධර්මේය වේ. එම නිසා එය උද්ධච්ච සම්පයුක්ත සිත යනුවෙන් දැක්වේ. එම සිත ඇති වන අවස්ථාව තේරුම්ගත හැකි වන්නේ සිතෙහි ඇති වන්නා වූ බලවත් නො සන්සුන්කම නිසා ය. උද්ධච්චය යනු නො සන්සුන්කම නැතහොත්, නො සන්සුන් ස්වභාවය ය. එම චෛතසිකය පිළිබඳ ලක්ෂණය වන්නේ නො සන්සුන් ස්වභාව ය යි. නො සන්සුන් ස්වභාවය අකුසල් සිත් හැම එකකට ම පොදු ස්වභාවයකි. කිසිදු අකුසල් සිතක් සන්සුන් කමකින් යුතු නො වේ.

එම සිතින් එතරම් ම කරන වැරදි නො මැත. සතුන් මැරීම්, සොරකම් කිරීම් වැනි බරපතල අකුසල් කරන ස්වභාවයක් එම සිතෙහි නොමැත. නමුත්, එම සිත ද උපදින්නේ අකුසල් වශයෙන් ය. නමුත්, එම සිත උපදන අවස්ථාවේ දී එම සිත නිසා එම සිත ඇති වුණ පුද්ගලයාට ඇත්තේ නො සන්සුන් ස්වභාවයකි. කලබල ස්වභාව ය කි. යම් යම් අවස්ථාවල දී කෙනෙකු කලබල වේ නම්, එම කලබල වන අවස්ථාවේ දී ඔහු එම කලබලයට හේතු වූයේ ලෝභය නොවේ නම්, ද්වේශය නොවේ නම්, එසේ නම් මේ අයුරින් තේරුම් ගත යුතු ය. එම කලබලය වූයේ උද්ධච්චය නිසා ය යනුවෙන් කියා.

ඔබ යම් කිසි දෙයක් කිරීමට, යම් කිසි වේලාවක් නියම කොට ගෙන තිබේ යයි සිතන්න. එම වේලාව තත්ත්පරයෙන් තත්ත්පරය මිනිත්තුවෙන් මිනිත්තුව කිට්ටු වේ ගෙන එයි. එවිට එම කාලසීමාව ඇතුළත අවසන් විය යුතුව තිබූ යම් කිසි දෙයක් හරි හැටි අවසන් කර ගත නො හැකි ව සිටින මොහොතක් නිසා එම වේලාවේ දී සිතෙහි ඇති වන තත්ත්වය ගැන ඔබ ම සිතා ගතහොත්, එම උද්ධච්චය ගැන තරමක් තේරුම් ගත හැකි ය.

එසේ නැතහොත්, දුම්රිය පිටත් වන වේලාවක් ඇත. එම දුම්රියේ යන මගියෙක් නියම වේලාවට යාමට සූදානමේ සිටිය ද, අවසාන මොහොතේ හරියට වේලාවට මට යා හැකි ද කියා සැකයක් පවතී. කඩා බිඳ ගෙන දුවන අවස්ථා ද ඇත. එවන් අවස්ථාවල දී බොහෝ කලබලයක් ඇති වේ. එවිට උපදනා වූ සිත උද්ධච්ච සම්පයුක්ත සිතකි.

දන් දෙන අවස්ථාවල දී ද එවන් සිත් ඇති වේ. එවන් අවස්ථාවල දී දානය සූදානම් කරමින් සිටින විට වේලාව ළඟාවේ. ඇතැම් අවස්ථාවන්හි දී දානය සූදානම් කරමින් සිටින විට ද ස්වාමීන් වහන්සේලා ද ගෙදරට වැඩම කර ඇත. එවිට කෙනෙකු කෙතරම් කලබල වේ ද, එවිට උපදින්නේ ද උද්ධච්ච සම්පයුක්ත සිතකි. කුසල් සිතෙහි එවන් කලබලයක් නො වේ. කුසල් සිතෙහි එවන් කලබලයක් නො මැත්තේ කුසල් සිතක එම උද්ධච්චය නො යෙදෙන නිසා ය. උද්ධච්ච සම්පයුක්ත සිත යෙදෙන්නේ අකුසල් සිතක ම ය. එබැවින්, එසේ කලබලකාරී යම් අවස්ථාවක් වෙතොත්, එම අවස්ථාව උද්ධච්චයෙන් යුක්ත අවස්ථාවක් මෙන් වෙන් කර ගත යුතු ය. එම උද්ධච්ච සම්පයුක්ත සිත කලින් සඳහන් කළ පරිදි බරපතල අකුසල් කරන සිතක් නො වේ. එබැවින් ම ඉන් අනාගතයේ දී ප්ර්තිසන්ධියක් ගෙන දීමේ ශක්තියක් නැති සිතක් වශයෙන් දොළොස් වැනි අකුසල් සිත දක්වා ඇත. අන් සිත් 11 ම ඒවායෙන් කෙරෙන අකුසල් නිසා නැවත ප්රළතිසන්ධියක් ලබාදීම් වශයෙන් දුර්ගති ප්රතතිසන්ධියක් ලබාදීමේ හැකියාව ඇති ඒවා ය. මෙම උද්ධච්ච සම්පයුක්ත සිත එම අකුසලය නිසා දුර්ගති ප්ර්තිසන්ධියක් ගෙන දීමේ ශක්තියක් නො මැති සිතක් හැටියට ය. ඉන් තේරුම් ගත හැකි වන්නේ එම සිත අපායෝප්පත්තියට ඉවහල් වන බරපතල අකුසල් සිතක් නොවන බව ය. එනමුදු එය අකුසල් සිතකි.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි