චෛතසිකයන්ගේ ලක්ෂපණ 04 කි. එනම්, සතර සම්ප්ර යෝග ලක්ෂමණයන් ය. සම්ප්රරයෝග යනු, සමඟ යෙදෙන යන තේරුම යි. මෙහි දී සම්ප්රෙයෝග යන්නෙහි තේරුම වන්නේ සිත සමඟ එකට යෙදෙන යන්න ය. ඒ චෛතසිකයන්ට යෙදෙන පොදු ලක්ෂහණ 04 වේ. එක් එක් චෛතසිකයකට වෙන වෙනම ලක්ෂගණ වේ. ඒවා නොවේ. මෙම ලක්ෂ්ණ 04 සිත සමඟ සම්ප්ර්යෝග වන ලක්ෂනණයන් වේ.
එම හතර නම්,
01. සිත සමඟ එකට යෙදීම.
02. සිත සමඟ එකට නිරුද්ධ වීම.
03. සිත ගන්නා අරමුණ ම ගැනීම.
04. සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කිරීම. යන ලක්ෂෂණ 04 වේ.
මේ සම්ප්ර්යෝග ලක්ෂ ණයන් හතරවිධ වශයෙන් සිතෙහි යෙදෙන 52 ක්වූ ධර්මයන්ට චෛතසික ය යි, කියනු ලැබේ.
මීළඟට තුන්වැනි පරමාර්ථය වශයෙන් ගනු ලබන්නේ රූප නම් වූ කොටස යි. රූප නම ව්යිවහාරයට ලෝකය, ශරීර යම් දෙයක් දැක්වීමට භාවිතා වන්නේ ය. ගස්, ගල්, වැල්, ඉර, හඳ, තාරකා, සිරුරු ආදියත්, නොපෙනෙන දෑ හැටියට දැක්විය හැකි වාතය ආදිය දැක්වීමටත් භාවිතා වේ. නමුත් එම වාතය යන්න ද රූප හැටියට යි ඇතුළත් වන්නේ. එම රූපයන්හි ප්රමධාන රූප 04 ක් ඇත. ඊට මහා භූත කියා හැඳින්වේ. මේ 04 පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් නම් කෙරේ. එම රූපයන් හා එකට බැඳී හට ගන්නා තවත් රූප 24 ක් ඇත. ඒවාට උපාදාය රූප වශයෙන් නම් කෙරේ. භූත රූප හා උපාදාය රූප වශයෙන් මේවා, භූත රූප 04 හා මෙම උපාදාය රූප 24 එකතුව 28 ක් වන රූපයනට අටවිසි රූපයන් වශයෙන් දැක්වේ.
රූප පිළිබඳ විග්ර හය කෙබඳු ද? බුදුරජාණන් වහන්සේම ඒ පිළිබඳ වදාරා තිබේ. “මහණෙනි, රුප්පනය වන බැවින් මේවාට රූප ය යි, කියනු ලැබේ.” කුමකින් රුප්පනය වේ ද? රූපයෙන් ද රුප්පනය වේ. බඩගින්නෙන් ද රුප්පනය වේ, විපාකයෙන් ද රුප්පනය වේ, දෂ්ට කරන සත්ත්වයන්ගෙන් මදුරුවන්ගෙන් ද, වාතයෙන්, සූර්ය රශ්නයෙන්, ගින්නෙන්, බඩගායන සත්ත්වයින්, සර්පයෝ යන මේවායින් රුප්පනය වන මේවා රූප නම් වේ.
මෙතැනින් සතර පරමාර්ථගයන් පිළිබඳ සංක්ෂි ප්ත විස්තරයක් නිමා විය.
මීළඟට දැනගත යුතු වන්නේ සිත පිළිබඳව යි. චිත්ත පරමාර්ථ්ය ධර්මයක් වශයෙන් සැලකීමේ දී එකකි. එබැවින් තමයි පරමාර්ථන 04 ක් දැක්වීමේ දී සිත එක පරමාර්ථයක් හැටියට දක්වන්නේ. සිත පිළිබඳ ඉගෙනීමේ දී යම් යම් ප්රිභේද පිළිබඳවද හොඳින් හැදෑරිය යුතු ය. ඒ නිසා සිත පිළිබඳ වූ ප්රිභේද පළමුව දැනගත යුතු ය. සිත භූමි 04 කට වශයෙන් බෙදා දැක්වේ.
01. කාමාවචර භූමිය
02. රූපාවචර භූමිය
03. අරූපාවචර භූමිය
04. ලෝකෝත්තර භූමිය
කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය හා ලෝකෝත්තර භූමිය වශයෙන් වූ භූමි 04 ක් වශයෙන් දැක්වීමේ දී කියැවෙන්නේ යම් කිසි ස්ථානයන් ය. එසේ දැක්වීමේ දී භූමි නැතහොත් ස්ථාන 03 ක් ඇත.
කාමාවචර භූමි යනු, නිරය ආදී සතර අපායත්, මිනිස් ලොවත්, දෙව්ලොව සයත් ය. එකොළොස් වැදෑරුම් වූ ස්ථානයන් ය.
රූප භූමි වශයෙන් දැක්වෙන ස්ථාන 16 කි. ඉන් එක් භවයක් සිත නැති කය පමණක් ඇති අසඥ සත්ත්ව භූමිය යි. එය සිත පිළිබඳ සැලකීමේ දී සිත් උපදිනා එකක් සේ සැලකිය යුතු එකක් නොවේ. ඒ නිසා රූපාවචර භූමිය යි කියා සිත පිළිබඳ සඳහන් කිරීමේ දී දැක්විය යුතු වන්නේ රූපාවචර භූමි 15 ක් ගැන ය. සිත පවත්නා භූමි 15 ගැන ය.
අරූප භූමි යනු, අරූපාවචර බ්රේහ්ම ලෝක 04 ක් වේ.
ලෝකෝත්තර භූමිය කියා තැනක් නොවේ. ලෝකෝත්තර භූමිය යනු, ලෝකෝත්තර ධර්ම සමූහ ය යි.
මේ ආකාරයෙන් ඒ ඒ සිත් භූමි වශයෙන් කොටස් 04 කට බෙදේ.
මෙයින් මුලින් දැනගත යුතු වන්නේ කාමාවචර සිත් පිළිබඳව යි. එම සිත්වලට කාමාවචර සිත් යනුවෙන් හඳුන්වන්නේ ඇයි ද යන්න දැනගත යුතු වේ.
11 වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඇති වන්නා වූ සිත ඒනිසා ද, ඒ භූමියට අයත් සිත නිසා කාමාවචර සිත් වශයෙන් නම් කෙරේ. එසේ කාමාවචර සිත් වශයෙන් දැක්වෙන සිත් 54 කි.
රූපාවචර වශයෙන් දැක්වෙන රූපභූමි 15 හි බොහෝ සෙයින් ඇති වන්නා වූ සිත්වලට රූපාවචර සිත් වශයෙන් ද,
අරූපාවචර වශයෙන් දැක්වෙන අරූපභූමි 04 හි බොහෝ සෙයින් ඇති වන්නාවූ සිත්වලට අරූපාවචර සිත් වශයෙන් ද නම් කෙරේ.
කලින් සඳහන් කළ පරිදි ලෝකෝත්තර භූමිය වශයෙන් වෙනම ස්ථානයක් නොමැත. එය අවස්ථා භූමියකි. ලෝකෝත්තර භූමි යයි සඳහන් වූ 08 ක් ඇත. ඉදිරියේ දී ඒවා දැනගත හැකි වේ.
පළමු කොට දැනගතයුතු කාමාවචර සිත් 54 පිළිබඳව යි. ඉහත දැක්වූ කරුණු අනුව, එකතුව සිත් 89 කි. තවත් විධිහකින් එනම් විස්තාර ක්රතමය අනුව මේ සිත් 121 කින් ද දැක්විය හැකි ය.
පළමුකොට දැනගත යුතු වන්නේ කාමාවචර සිත් 54 පිළිබඳවයි. නමුත්, එයිනුදු අකුසල් සිත් පිළිබඳව දැනගත යුතු ය. අකුසල් සිත් 12 ක් ඇත. අකුසල් සිත් යන්නෙහි තේරුම, ඒ සිත් යම් කෙනෙකු හට යම් යම් ක්රි යාවන් සිදු කළ කල්හි එයින් අනාගතයේ දී නරක විපාකයක්, අනිෂ්ට විපාකයක් ගෙන දිය හැකි සිත් කොටසකට අකුසල් සිත් යනුවෙන් හැඳින්වේ. ඒ ඒ සිත්වල උපදනා ධර්ම නිසා නරක ස්වභාවයක් සිතේ ඇති වේ. අකුසල ධර්මයන් ඉපදීමෙන් සිතේ නරක ස්වභාවය ඇති වේ. එම නිසා සිත දැවෙන ගතියෙන්, තැවෙන ගතියෙන් යුක්ත වේ. එම නිසා අකුසල් සිත නරක සිතකි. එම නරක සිතින් ලබා ගෙවන විපාක ද නරක විපාකයන් ය. එම නිසා මතුවට නරක විපාකයක්, අනිෂ්ට විපාකයක් උපදවාලීමට සමත් විය හැකි ශක්තියක් ඇති ධර්ම සමූහයකට නැතහොත් සිත් කොටසකට අකුසල් සිත් වශයෙන් නම් කෙරේ. කලින් සඳහන් කළ පරිදි ම අකුසල් ගැන පළමු කොට ගතයුතු වනුයේ ඒවා පිළිබඳ දැනගත් විට අපට අකුසල්වලින් වැලකී සිටීමට හැකි බැවිනි. ඒ නිසා අකුසල් සිත් ගැන පළමුව පෙන්වා දෙමි. එම අකුසල් සිත් අතුරින් ද (අකුසල් සිත් 12 න් ද) ඉන් පළමු කොට ලෝභ මූල සිත් ගැන මුලින් දැනගත යුතු වේ.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment