බුදුපියාණන් වහන්සේගෙන් බද්රහ-වග්ගිය කුමාරවරු තිස් දෙදෙනා ඇසුවේ බඩු බාහිරාදිය සමඟ පැන ගිය ස්ත්‍රියයක් දුටුවා දැ යි, උන්වහන්සේගෙන් විමසීමේ දී උන්වහන්සේ දුන් පිළිතුරු වූයේ තමන් අනුන් සෙවීම ද වඩා සුදුසු තමන් ගැන සෙවීම ද සුදුසු යන්න යි. ඔවුන් ද එම අවස්ථාවේ පිළිගත්තේ තමන් ගැන සෙවීම සුදුසු බව යි. එසේ නම්, තමන් ගැන සෙවීමට නම් තමන්ගේ ය කියන මෙම ධර්ම පුංජය ගැන සොයා ගත යුතු ය. එය සොයාගැනීම අභිධර්මය ඉගෙනීමෙන් යමෙකුට ඇති කර ගත හැකි ය. එම නිසා එක ය කියා අප රැවටෙන්නා වූ ඒකත්වයෙන් පිළිගන්නා දෙයෙ හි ඇති නානත්වය බලාගත හැකි ය. එය එකක් නොව ගොඩකි. එම නිසා ගොඩ එකක් කීම මුසාවකි. එක එකක් මිස කිසිදා එය දෙකක් හෝ කිහිපයක් නොවේ. ගොඩකි. දෙක දෙකක් මිස කිසිදා එකක් නොවේ. නො පෙනෙන පරිදි දක්ෂක වඩුවෙකු හට ලී දෙකක් හෝ තුන හතරක් වුව ද අපේ ඇසට පෙනෙන පරිදි එකට වැද්දීමට හැකි ය. එසේ කොතරම් වැද්දුව ද එහි යම් තරම් වද්දා ඇත්තේ වෙන වෙනම ලී වේ නම් අපට කිව හැක්කේ එහි ඇත්තේ එක එක වර්ගනවල ලී කැබලි කිහිපයක් බව ය. ඒ අයුරින් එක කවදා හෝ දෙකක් නොවේ. දෙකක් කළ හැකි වන්නේ එකෙහි තිබෙන ඇත්තම නොවන විට ය. යථා තත්ත්වය එක නොවේ නම් එය දෙකක් කළ හැකි ය. මක්නිසා ද දෙකක් එක වගේ පෙනිය හැකි ය. ඒ අයුරින්ම තුනක්....හතරක්....පහක් එකක් වාගේ පෙනිය හැකි ය. එසේ රාශියක්ම එකක් වාගේ පෙනිය හැකි ය. අප පිළිබඳ ඇත්තේ එබඳු රාශියක් එකක් වගේ පෙනීමක මුළාවකි. එම මුළාව දුරුකර ගැනීමට අවැසි අයෙකු හට අභිධර්ම ඥානය අවශ්යර වේ. අවිද්යාකව නැති කර ගැනීමට හා නුවණ උපදවා ගැනීමට හැකි වේ. එබැවින් දැනට සඳහන් කළ මෙම ප්ර්මාණය අභිධර්මය හැඳින්වීමක් පිළිබඳ හැඳින්වීමක් පමණි. හැඳින්වීම ද දින ගණනකින් ද කළ හැකි ය. මීට වඩා කෙටියෙන් ද කළ හැකි ය. මෙසේ අභිධර්මය ලියා ඇතත්, මතක තබා ගැනීම, ඉගෙනීම කිරීමට තේරුම් ගැනීමට හැකි වන්නේ ඔබට ම පමණි. අභිධර්මය නිකම්ම මතුපිට පෙනෙන එකක් ද නොවේ. මෙය සමහර විට පසුගිය ජාතිවල පුරුදු කළ එකක් වීමට හැකි නිසා එකවරක් යන්තමින් කියැව්ව ද වැටහීමට හැකි ය. සමහරෙකු හට කොයි තරම් කියා දුන්න ද නොවැටහිය හැකි ය. එසේ වැටහුණ ද නොවැටහුණ ද ඉගෙනීම පිළිබඳ තමන්ගේ බලාපොරොත්තුව අත් නොහැරිය යුතු ය. මක්නිසා ද? මුලින් තමන්ට දක්වන ලද කාරණා නොවැටහුණ ද තරමක් දුරට කියවන විටත් නැවත නැවත බැලීමේ දී පසුකාලීනව තේරුම් යා හැකි ය. මෙය කියවන සියල්ලම නුවණ ඇත්තන් ය. කියවීමත් තේරුම් ගැනීමත් හැකි නම් එසේ වන්නේ යම් වැටහීමක් ඇති නිසා ය. එනිසා ඔබ සියල්ල නුවණ ඇති අය ය. නුවණ තිබිය යුතු වුව ද නුවණට වැටහිය යුතු ය. මෙය නුවණ තව තවත් තියුණු වන දෙයකි. ඒ සඳහා අභිධර්ම ඥානයක් තිබිය යුතු ය. අභිධර්ම ඥානය උපදවා ගැනීමට බලවත් උත්සාහයක් තිබිය යුතු ය. මෙවන් ශාසනයක් මුණ ගැසෙනුයේ ඉතා කලාතුරකිනි. එසේ ශාසනයක් මුණ ගැසුණ ද ඉන් ප්රියෝජන ලබනුයේ ස්වල්ප දෙනෙකි. එම ස්වල්ප දෙනාට ඔබ අප ද ඇතුළත් විය යුතු යි.
සියලු අභිධර්මාර්ථයෝ පරමාර්ථව වශයෙන් 04 කි. ප්රළකරණයන්ට අයත් සියල්ල අභිධර්මාර්ථයන්ට ඇතුළත් වේ. පුද්ගල පඤ්ඤප්ති ප්‍ර කරණයේ පුද්ගලයන් ගණනක් දැක්වේ. එනම්, ඒකක පුද්ගල, ද්විධපුද්ගල, ත්‍රි.විධ පුද්ගල, චතුර්ථ පුද්ගල, පංචවිධ පුද්ගල මේ ආදී වශයෙනි. එහි දැක්වෙන්නේ පුද්ගල ව්යුවහාරයේ පිහිටා ය. එහි ධම්මානුසාරී පුද්ගලයන් දැක්වේ. එම පුද්ගලයන් පිළිබඳ දැක්වෙන්න ද අභිධර්මාර්ථයන් වේ. එම සියලු ම අභිධර්මාර්ථයන් ද පරමාර්ථක වශයෙන් 04 කට බෙදා දැක්වේ. ලෝකය පිළිබඳ සැලකීමේ දී එම ව්යමවහාර සියල්ල විග්රනහය කොට දැක්වීමේ දී පරමාර්ථල වශයෙන් දැක්විය හැකි ධර්ම කොට්ඨාස 03 කි. එනම්, චිත්ත, චෛතසික, රූප වශයෙනි. මෙය නිදර්ශනයකින් දැක්වීම කලින් පෙන්වූ ආකාරයට, යනවා ය කියන යාමේ ක්රිියාව කෙනෙකු විසින් කරන්නක් හැටියට වැටහුණ ද, පෙනුණ ද එම යාමේ ක්‍රි යාව වශයෙන් තේරුම් ගත යුතු පරමාර්ථව ධර්ම චිත්ත, චෛතසික, රූප යන 03 ය. එසේ නැතහොත්, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය යි. එහෙත්, මේ ගැන කථා කිරීමේ දී පංචස්කන්ධයක් යනවා, පංචස්කන්ධයක් එනවා, පංචස්කන්ධයක් කථා කරනවා ආදී වශයෙන් කථා නොකරත්. කෙනෙකු යනවා, කෙනෙකු එනවා, කෙනෙකු කථා කරනවා මේ ආදී වශයෙන් ය කථා කර යි. මෙසේ සඳහන් කරන්නේ පුද්ගල ව්‍යාවහාරයේ පිහිටා ය. නමුත් ධර්ම තත්ත්වය නම්, කෙනෙක් වශයෙන් ගැනීමට කෙනෙක් නොමැත. ඇත්තේ කෙනෙක් වශයෙන් සලකනු ලබන පරමාර්ථය ධර්මක සමූහයක් පමණි. පරමාර්ථරයන් වශයෙන් ගත යුතු වන්නේ එම හේතුව නිසා ය.
ටීකාකාරයෝ විස්තර කර ඇති ආකාරයට පරම යන වචනය යමක තිබෙන උසස් භාවය දැක්වීමට, ඉහළ බව දැක්වීමට, උතුම් භාවය දැක්වීමට භාවිත කරයි. උදාහරණ වශයෙන් මෙසේ දැක්විය හැකි ය. අපගේ හොඳම මිතුරෙකුට පරම මිතුරා වශයෙන් කියනු ලබයි. එසේම අපේ නරක ම හතුරාටත් පරම හතුරා යනුවෙන් භාවිත කරයි. හතුරුකමින් ඉහළට ගිය කෙනා පරම හතුරා වන අතර, මිතුරුකමින් ඉහළට ගිය කෙනා පරම මිතුරා ය. පරම වචනයෙන් දැකිය හැක්කේ ඉහළම අර්ථය යි. උතුම් බව යි.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment