මීළඟට ධම්මෙ සංඛති විචිකිච්ඡති යනුවෙන් හැඳින්වෙන්නේ ධර්මය පිළිබඳව ඇති වන සැකය යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය; පර්යාප්ති ධර්මය, ප්රළතිපත්ති ධර්මය හා ප්රරතිවේද ධර්මය කියා ද ත්රිඋවිධයක් ඇත. එම තුන පිළිබඳ කෙනෙකුට ඇති විය හැකි සැක, පර්යාප්ති ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කළ දෙයක් ද කියා සැකයක් ඇති වේ නම්, එසේම මෙම ප්ර්තිපත්ති ධර්මයෙන් ප්රනයෝජනයක් ලැබිය හැකි ද, අර්ථ සහිත ද කියා යමෙකු හට සැක ඇති වේ නම් ද, එසේම ප්රරතිවේද ධර්මය වශයෙන් දැක්වෙන සතර මාර්ග, සතර ඵල, නිබ්බාණ කියා දැක්වෙන ලෝකෝත්තර ධර්ම පිළිබඳ දැක්වෙන ධර්ම පිළිබඳ යමෙකු හට සැක ඇති වේ නම් ඔහුට උපදනා වූ එම සැකය විචිකිච්ඡා නම් වේ. "ධම්මේ කංඛති විචිකිච්ඡති" කියා දැක්වෙන්නේ එම සැකය යි. පර්යාප්ති, ප්රචතිපත්ති, ප්රමතිවේද එසේ නැතිනම්, පරියාප්ති ධර්මයත්, ප්ර්තිවේද ධර්මයත් වශයෙන් වූ ද, ස්වාක්ඛාතෝ, භගවතා ආදී වශයෙන් දැක්වෙන එහි දී ස්වාක්ඛාතෝ යන්නෙන් පර්යාප්ති ධර්මය වශයෙන් දැක්වේ. සන්ධිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං, වේදිතබ්භෝ, විඤ්ඤොහි ආදී වශයෙන් වන නවලෝකෝත්තර ධර්මයන් දැක්වීමට යෙදේ. එවන් ධර්මය පිළිබඳ යමෙකු හට සැකයක් නම් එම සැකය මෙම විචිකිච්ඡාව යි. එබඳු සැකයක් ඇති වන අවස්ථාවක දී ඔහුට ඇති වන සිත දැක්විය යුතු වන්නේ උපේක්ෂා සහගත විචිකිත්ඡා සම්පයුක්ත සිත වශයෙනි.මීළඟට සංඝයා පිළිබඳ සැක ය යි. සංඝයා ය යනු, ශීලාදී උසස් ගුණ සමුදායන්ගෙන් හෙබි උතුමන් ය. ප්රරධාන වශයෙන් සංඝයා වශයෙන් ගන්නා විට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්න ය යි. සංඝයා වශයෙන් ප්ර ධාන වශයෙන් ඇතුළත් වන්නේ "යදිදං චත්ථාරි පුරිෂ යුගානි අට්ඨ පුරිෂ පුද්ගලා" කියා දැක්වෙන යුගල වශයෙන් සතර දෙනෙක් වූ පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වූ එම ආර්ය මාර්ගදඵලයන්ට පැමිණි පුද්ගලයන් ය. එම සංඝයා පිළිබඳ කෙනෙකුට සැකයක් ඇති වේ නම් "සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ" ආදී වශයෙනුත්, සංඝයා පිළිබඳ දක්වා, සංඝයාට කරනු ලබන්නා වූ ස්වල්ප හෝ උපකාරය නිසා ලබාදෙන මහත් ඵලය පිළිබඳව ඇති වන සැකය ද, "අනුත්තරං, පුඤ්ඤක්කෙත්තං, ලෝකස්ස" මේ පිළිබඳව ද ඇති වන සැකය සංඝයා පිළිබඳ ඇති වන සැකය යි. මෙසේ ඇති වන්නේ විචිකිච්ඡා සම්පයුක්ත සිතක යි.
මීළඟට දැක්වෙන්නේ සික්ඛාව යි. සික්ඛා යනු, ත්රි විධ සික්ඛාව යි. ශීල ශික්ෂා, සමාධි ශික්ෂා හා ප්රූඥා ශික්ෂා යනුවෙන් හැඳින්වෙන ශික්ෂාවන් තුන ගැන යි. පිළිපැදිය යුතු හික්මිය යුතු ස්කන්ධ 03 ය. ශීල ස්කන්ධයෙන්, සමාධි ස්කන්ධයෙන් හා ප්ර ඥා ස්කන්ධයෙන් එසේ ද නැතහොත්, ශීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන් හා ප්රිඥා ශික්ෂාවෙන් යමෙකු හික්මෙනු ලබයි. එම ත්රිනවිධ ශික්ෂාවල ඇතුළත් ආර්ය මාර්ගවයක් ඇත. නැතහොත් අෂ්ටාර්ය මාර්ගයක් (ආර්යාෂ්ඨාංගික මාර්ගය) වේ. එම ශීල, සමාධි, ප්ර්ඥා යන ශික්ෂාව පිළිබඳ යමෙකුට ඒවා පිළිපැදීමෙන් ප්රආතිඵලයක් ලැබේ ද කියා සැකයක් ඇති වේ ද, එය ශික්ෂාව පිළිබඳ සැකයකි. එම සැකය ද විචිකිච්ඡාවකි.
ඊළඟට පුබ්බන්තේ කංඛති යනු, මීට පෙර ආත්ම භාවයක් පිළිබඳ ඇති වන සැකය යි. එනම්, මීට කලින් උප්පත්තියක් ලබා සිටියේ ද යන සැකය යි. ඉන්පසුව දැක්වෙන්නේ අපරන්තේ කංඛති යනු, මැරී ගොස් නැවත උපදිනවා ද කියා ඇති වන සැකය යි. ඉන් අනතුරුව දැක්වූයේ පුබ්බන්තාපරන්තේ කංඛති විචිකිච්ඡති යනුවෙන් දැක්වෙන්නේ එම පෙර ඉපදී සිටියා ද කියා හා මේ අත්භවයෙන් පසු මියගොස් නැවත උපදී ද කියා ඇති වන්නා වූ සැකය යි. ඉන්පසුව දැක්වෙන්නේ ඉධප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කංඛති විචිකිච්චති යන්නෙහි අර්ථය නම්, මෙම පටිච්ච සමුප්පන්න ධර්මය ගැන ඇති වන ධර්මය යි. හේතුඵල පරම්පරාව පිළිබඳ ඇති වන සැකය යි.
මෙසේ සඳහන් කරන ලද සැකයන් අට විචිකිච්ඡා යන්නට ඇතුළත් වන්නේ ය. සත්ථරි කංඛති විචිකිච්ඡති, ධම්මෙ කංඛති විචිකිච්ඡති, සංඝෙ කංඛති විචිකිච්ඡති, සික්ඛාය කංඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කංඛති විචිකිච්ඡති, අපරන්තෙ කංඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කංඛති විචිකිච්ඡති, ඉදප්පච්ඡයතා පටිච්ච සමුප්පන්නෙ සු ධම්මෙසු කංඛති විචිකිච්ඡති යන සැක 08 පිළිබඳ කෙටියෙන් දක්වන්නේ බුද්ධාදී අට තැන් පිළිබඳ ඇති වන සැකය යි කියා වේ. බුද්ධාදී අට තැනක උපදනා සැකය යම් කෙනෙකු හට ඇති නම්, එම තැනැත්තා හට ඊට බෙහෙතක් නැති බව යි කිව යුත්තේ. එසේ කියනුයේ යම් බෙහෙතක් ඇත්තේ රෝගයක් සුව කර ගැනීමට ය.
නමුත්, මොහුට මේ සැකය තිබෙන තුරු ඇති වී ඇති රෝගය නැතහොත් සංසාරික රෝගය මොනයම් ම හෝ ආකාරයකින් සුව කර ගත නො හැකි ය. එම නිසා ඔහුට එම සැකය දුරුකර ගන්නා තෙක් මෙම සංසාරික රෝගය සුව කර ගත නොහේ. එයට හේතුව වන්නේ තමන්ට සැක උපදින්නේ යම් බුද්ධාදී ධර්මයක් පිළිබඳව නම්, තමාගේ තිබෙන නුවණේ මද කමත්, මෝහයේ අධික කමත් නිසා ය. එම නිසා කළයුතුව තිබෙන්නේ මෙය යි, එම සැකය දුරු කර ගැනිමට තිබෙන මෝහය අඩු කර ගැනීමටත්, නැති නුවණ උපදවා ගැනීමටත් ක්රි යා කිරීම යි.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
මාතෘකා
32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment