මෝහ මූල සිත් 02
එම සිත් 02 නම් කර තිබෙන්නේ

උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත
උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත වශයෙනි.

උපේක්ෂා සහගත යන වචනයෙන් කියැවෙන ධර්මය පිළිබඳ අලුතින් හඳුන්වා දීමක් දැන් අවශ්යම නොවේ. මක්නිසා ද යත්, උපේක්ෂාව පිළිබඳ කලින් අනෙකුත් සිත් පිළිබඳ හඳුන්වා දීමේ දී දැක්වූයෙමි. ලෝභ මූලයෙහි උපේක්ෂා සහගත සිත් 04 ක් ලැබුණ අතර ඒ උපේක්ෂාව පිළිබඳව කලින් විස්තර කළ නිසා නැවත විස්තර කිරීම අවශ්යෂ නො වන්නේ ය.

මීළඟට පෙන්වා දිය යුතු වන්නේ විචිකිච්ඡා සම්පයුක්ත සිත යන්න යි. එහිදී විචිකිච්ඡා යනු, සැකය යි. එහෙත්, එහි අර්ථ දැක්වෙනුයේ සාමාන්යියෙන් කෙනෙකුන් හට ඇති වන්නා වූ සැකය ගැන නම් නොවේ. සමහර විට යම් කිසි දෙයක් පිළිබඳව යමෙකුට සැකයක් ඇති වේ. උදාහරණ වශයෙන් කිසියම් වස්තුවක් නැති වූ විට කෙනෙකු ගැන සැකයක් උපදී. අසවලා ගත්තා දෝ කියා සැක කරයි. සමහර විට යම් කිසි දෙයක් ලියු යමක් පෙන්වූ විට වුව ද ඔහු පිළිබඳව, ඔහු ම මෙය ලිව්වාදෝ යි සැකයක් ඇති වේ. මෙහි දී විචිකිච්ඡාව යනුවෙන් හඳුන්වන්නේ එවන් සැකයක් ගැන නො වේ. මෙසේ දැක්වූ සැක සමහර විටක කුසල් සිතක් නිසා උපදින්නට හෝ අකුසල් සිතක් නිසා උපදින්නට ද පිළිවන. එහෙත්, මෙය විචිකිච්ඡාව නොවේ. අකුසල් සිතක යෙදෙන විචිකිච්ඡාව කියා හඳුන්වන්නේ බුද්ධාදී අරමුණු 08 ක් පිළිබඳ උපදනා වූ සැක ය යි. එම අට නම්,

සත්ථරි කංඛති විචිකිච්ඡති
ධම්මෙ කංඛති විචිකිච්ඡති
සංඝෙ කංඛති විචිකිච්ඡති
සික්ඛාය කංඛති විචිකිච්ඡති
පුබ්බන්තෙ කංඛති විචිකිච්ඡති
අපරන්තෙ කංඛති විචිකිච්ඡති
පුබ්බන්තාපරන්තෙ කංඛති විචිකිච්ඡති
ඉදප්පච්ඡයතා පටිච්ච සමුප්පන්නෙ සු ධම්මෙසු කංඛති විචිකිච්ඡති යනුවෙනි.

සත්ථරි කංඛති විචිකික්ඡති යනුවෙන් දැක්වෙන්නේ, ශාස්තෲන් වහන්සේ ගැන සැක උපදී යන්න යි. අපේ ශාස්තෲන් වහන්සේ නම් බුදුපියාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා යනුවෙන් හැඳින්වෙන්නේ මෙවන් ආකාරයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්, අසූ අනු ව්යංකජන ආදී ශාරීරික ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයෙකු වන්නට හැකිවේ ද? එසේම දශබල ඥාන ෂඩ් අසාධාරණ ඥාන ආදී මේ තරම් උසස් ලක්ෂණයන්ගෙන් හෙබි මෙවන් පුද්ගලයෙකු ලෝකයේ උපදින්නට හැකි වේ ද කියා බුදුරජාණන් වහන්සේගේ එම ගුණ සමුදාය පිළිබඳවත්, උන්වහන්සේගේ රූපකාය පිළිබඳවත් යමෙකු හට සැකයක් ඇති වන්නට හැකි ය. එම සැකය විචිකිච්ඡාව යි. සත්ථරි කංඛති විචිකිච්ඡති යන්නෙහි තේරුම එය යි.

එසේ බුදුපියාණන් වහන්සේ පිළිබඳ සැකයක් ඇති වුණහොත්, එම තැනැත්තාට මෙම ධර්මයෙන් කිසිදු ප්ර යෝජනයක් හෝ යහපතක් සිදු කර ගත නො හැකිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගැනීමට නම්, බුදුරජාණන් වහන්සේ පිළිගන්න අවශ්යර යි. බුදුරජාණන් වහන්සේගේ ඇති සර්වධඥතාඥාන ආදී එම ගුණයන් පිළිගැනීමට යමෙකු පිළිගැනීමට අකමැති නම්, ඒ පිළිබඳ සැක කරයි නම්, ඒ තැනැත්තාට මුළු ධර්මය ගැන ම, එම ධර්ම රත්නයේ ගමන් කරන සංඝයා ඇතුළු රත්නත්රොය පිළිබඳ ව ම සැක උපදී. සත්ථරි කංඛති විචිකිච්ඡති යන බුදුරජාණන් වහන්සේ පිළිබඳ වන එම සැකය කෙනෙකුන්ට බොහෝ අහිත පිණිස පවතින්නේ එම නිසා ය. ඔවුනට යහපත පිණිස නො පවතී. යම් කිසි අවස්ථාවක යමෙකු හට එවන් සැකයක් උපදී නම් ඒ පුද්ගලයා අබෞද්ධයෙකුට හෝ වේවා කාට හෝ වේවා එම අවස්ථාවේ දී උපදනා වූ සැකය, මෙහි සඳහන් සිත ඇති වන අවස්ථාවක දී උපදින්නා වූ සැකයකි. එය විචිකිච්ඡා සම්පයුක්ත සිත යනුවෙන් ඉහත දැක්වූ උපේක්ෂා සහගත විචිකිච්ඡා සිත උපදනා අවස්ථාවක් ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි