මීළඟට මෙම කර්මයෙන් උපදවූ එම විපාක (ඊට විපාක ස්කන්ධ වශයෙන් හැඳින්වේ.) විපාක ස්කන්ධ යනු සිතත් ඒ සමඟ උපදිනා චෛතසිකත් ය. ස්කන්ධ වශයෙන් ගත් විට එම සිතත්, එම සිතේ ඇති වන වේදනාව, එම සිතේ ඇති වන සංඥාව, එම සිතේ ඇති වන ඉතිරි චෛතසිකත් ය. ඒවාට වේදනා, සංඥා, සංඛාර වශයෙන් දක්වනු ලැබේ. සිතත්, වේදනාවත්, සංඥාවත්, චේතනාව ප්රවධාන කොට ඇති ඉතිරි චෛතසිකත් යන මේවා සතර නාමස්කන්ධයන් ය. විපාක සිතට සම්බන්ධ ඒවා ගෙන විපාකස්කන්ධයන් වන්නේ එම සතර නාමස්කන්ධයන් ය. විපාක සිත උපදින්නේ ද තනි සිතක් හැටියට ද නොවේ. සිතේ චෛතසික තිබේ. එවිට සිත යි, චෛතසික යි සියල්ල එකට ගෙන විපාකස්කන්ධ කියා දැක්වේ. චෛතසික ස්කන්ධ වශයෙන් කොටස් 03 කට බෙදේ. ඒ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ වශයෙන් ය. විපාක සිත ඇතුළත් වන්නේ විඤ්ඤාණ ස්කන්ධයට ය. ප්රාතිසන්ධි වශයෙන් විපාක සිතක් යම් තැනක ලැබේ නම්, එය විපාක සිත එළැඹ සිටි කර්මයගේ විපාක වශයෙන් උපදනා වූ විපාකස්කන්ධ ය යි. එවිට විපාකස්කන්ධ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සතරට සීමා වේ. තවත් එක් ස්කන්ධයක් ඇත. එම අඩු ස්කන්ධය නම් රූපස්කන්ධ ය යි. දැන් එහි රූපයත් ලැබේ. නමුත් එම රූපවලට විපාක වශයෙන් නො කිය යි. එම රූපත් විපාක වශයෙන් ලැබුණේ අතීතයේ කළ කර්මය නිසා ය. එසේ නම් එම රූපවලට කියන්නේ කුමක් ද? එය දෙකක් වශයෙන් ඇත. 01. කර්මජ රූප 02. කටත්තා රූප කියා ය. ඒවාට කර්මයෙන් උපදවන රූපවලට කියන නම වශයෙන් ද හැඳින්වේ. නිරයේ උපදින නිරසතාටත්, (දේවදත්ත නම් නිරසතාට ද ලැබුණා ය කියනුයේ යොදුන් ගණනක් උස ශරීරයකි) ඔහුගේ ශරීරයෙහි ඇස්, කන්, නාසාදී ඉන්ද්රිකයයන් (අවයන්) ද තිබේ. එසේ ම සිත ඇති වීමට සුදුසු ප්ර ධාන ස්ථානය වශයෙන් අභිධර්මයෙහි දැක්වෙන වස්තු රූපය තිබේ. ජීවත් වීම් වශයෙන්, ජීවිතයක් පවත්වා ගෙන යන අයෙකුට අවශ්යභ කරන ජීවිතේන්ද්රිතය ද තිබේ. ඒ සියල්ලට ම කියනු ලබන්නේ කර්මජ රූප කියා යි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, ඉත්තිභාව, පුංභාව, ජීවිත, හදය කියා රූප නවයක් ඇත.

චක්ඛු යනු, පෙනීම, දැකීමට ඉවහල් වන ප්රූසාද ය යි. එයට චක්ධු ප්ර්සාදය කියා කියනු ලැබේ. ඇසීමට උපකාර වන, අසන සිත පහළ වන්නේ යම් වස්තුවක් ඇසුරු කොට නම් ඊට සෝත ප්ර සාද වශයෙන් හැඳින්වේ. ගඳ සුවඳ දැන ගැනීමේ සිත උපදනා තැන වශයෙන් දැක්වෙන ඝාණ ප්රතසාද ය යි. රස දැන ගන්නා සිත උපදනා ස්ථානය වශයෙන් දැක්වෙන්නේ ජිව්හා ප්ර සාද ය යි. ශරීරයෙහි ගැටෙනා පොට්ඨබ්භයන් දැන ගැනීම් වශයෙන් උපකාර වන කාය විඤ්ඤාණය උපදනා තැනට කාය ප්ර සාද ය කියා කියනු ලැබේ. මෙම 05 ට ඉන්ද්රි ය පහ, ප්ර්සාද 05 වශයෙන් හැඳින් වේ.

සත්ත්වයන්ගේ ස්ත්රීඤ, පුරුෂ භේදයක් ඇත. ස්ත්රිලයෙක් ය, පුරුෂයෙක් ය කියා. එසේ සිදු වන්නේ එය ද කර්මය නිසා ඇති වන රූපයන් නිසා ය. එයට කියනුයේ භාව රූපය කියා ය. ඉත්තිභාව රූපය, පුංභාව රූප ය යි. එය ද මුළු ශරීරයෙහි ම පැතිර පවතින්නකි.

කර්මජ රූප පහළ වන්නේ කලාප කලාප වශයෙනි. මිටි මිටි වශයෙනි. එම කර්මජ රූප කලාප සෑම එකකම ජීවිතයක් ඇත. එයට ජීවිතේන්ද්රි.ය වශයෙන් හැඳින්වේ. එම කර්මජ කලාපය පාලනය වන්නේ ජීවිතේන්ද්රිළයෙන්ය. ඔබ, අප ජීවත් වනවා ය යි කියන්නේ ද එම ජීවිතේන්ද්රියය නිසා ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි