තවත් උදාහරණයක් වශයෙන් යමෙක් යම් තැනක සිට ඔහුගේ අතක් එසවූවොත්, එසේ අත ඔසවන ලද බව තවත් යමෙකුට පෙනේ. අත එසවූ තැනැත්තා අත ටික ටික පහතට හෙළුවහොතින් ඇසින් පෙනී යන්නේ එම අත ම එක් එක් තැනක පෙනීම ය. ඒ අනුව, ඊළඟට අත ඔසවා, පහළ හෙළන බව ඒ අනුසාරයෙන් සිතින් සිතා ගනී. එනම් මනෝද්වාරික සිත්වලින් එය දැනගනී. චක්ඛු විඤ්ඤාණයෙන් දැනගත හැක්කේ වර්ණ රූප ය යි. එම වර්ණ රූප වශයෙන් ඉදිරිපත් වන එම අරමුණ ඉෂ්ට, අනිෂ්ට හා මධ්යදස්ථ වශයෙන් කොටස් තුනකට සාමාන්යපයෙන් බෙදිය හැකි ය.

කුසල විපාක හා අකුසල විපාක වශයෙන් ඇති වන්නා වූ සිත තිබෙන්නේ ඉෂ්ටාරම්මණය හා අනිෂ්ටාරම්මණය යන මෙම දෙක අනුව ය. එසේ ඉෂ්ටාරම්මණ හා අනිෂ්ටාරම්මණ බව නිගමණය කරන්නේ කෙසේ ද? එය නිගමණය කිරීම සිදු වියයුතු වන්නේ සාමාන්යණයෙන් ලෝකයේගේ පිළිගැනීමේ හැටියට ය. බුදුරජාණන් වහන්සේ ගැන සලකා බලමු. බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳ සලකන කල උන්වහන්සේට තිබී ඇත්තේ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසූ අනුව්යංළජන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ දුටුවන්ගේ සිත් පිනවන රූප සම්භාරයක් ය. එම නිසා කවර අයෙක් හෝ බුදුරජාණන් වහන්සේගේ රූප ශරීරය දකී නම් එසේ දක්නා ලද තැනැත්තාට උපදනා වූ සිත කුසල විපාක චක්ඛු විඤ්ඤාණ සිතකි. නමුත්, සමහර තීර්ථකයන් බුදුරජාණන් වහන්සේ දුටු විගස ම ඔවුනට මහත් තරහක් ඉපිද නො දැකිය යුතු අයෙක් දුටු බවත්, ඔවුහු සිතූහ. එසේ වන්නේ කුමන වරදක් නිසා ද? එය රූපයේ තිබුණු අනිෂ්ටකම නිසා නො වේ. තමාගේ විපරීත දර්ශන ය නිසා ය. තමාගේ අයෝනිසෝමනසිකාරය නිසා ය. එම නිසා ප්රිඑය මනාප දෙයක් දැක හෝ යමෙකු තරහා වීමට පිළිවන. ඉක් අකුසල් උපදවාගත හැකිය. එය කාරණයක් නොවේ, මෙහි දී නිරාකරණය කර ගැනීමට ගත යුතු වන්නේ එම අරමුණ දැනගැනීමට ගන්නා වූ චක්ඛු විඤ්ඤාණය කුසල විපාකයක් ද? අකුසල විපාකයක් දැ යි, යන්න ය. අකුසල විපාක චක්ඛු විඤ්ඤාණ උපදනා අවස්ථා ඇත. ඊට අනතුරු ව උපදනා වූ කුසල් සිත්වලට එය හේතු වේ. උදාහරණයක් ගෙන බලමු. මළ සිරුරක් ඇත. මළ සිරුර ගැන භික්ෂූන් වහන්සේලා සලකන්නේ අසුභ දර්ශනයක් වශයෙනි. උන්වහන්සේලා පළමු සතිය, දෙවන සතිය, තුන් වන සතිය වශයෙන් ගෙන බලයි. එය ප්රිෙය දර්ශනයක් නොවේ. අසුභ සංඥාවකි. ඒ නිසා එය දැකීමෙන් ඇති වන චක්ඛු විඤ්ඤාණය කුසල විපාකයක් යනුවෙන් හැඳින්විය නො හැක. නමුත්, ඒ නිසා යමෙකුට කුසල් සිත් උපදවා ගත හැකි ය. එය පසුව ඇති වන සිත් ය.

තවත් උදාහරණයක් හැටියට, ඇට කැබැල්ලක් ගෙන බලමු. අට්ඨික සංඥා උපදවා ගැනීම යනු එම ඇටය දැකීමෙන් ඇති වන්නා වූ සිත අකුසල වීමට පිළිවන. එය අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය යි. නමුත් එය අරමුණු කොට කුසල් සිත් උපදවා ගත හැකි ය. "අහං භික්ඛු කායෝ ඒවං ධම්මෝ, ඒවං භාවී, ඒතං අනතීතෝතී" යනුවෙන් මගේ මේ ශරීරය ද මෙවන් ස්වභාවය ඇති එකකි. ඒවං භාවී, මෙම ස්වභාවයට පැමිණෙන්නේ ය, ඒවං අනතීතෝ, මෙම ස්වභාවය ඉක්ම වූවක් නො වේ.

ඉෂ්ට අනිෂ්ට භාවය අරමුණ පිළිබඳ ව තීරණය කර ගත හැකි වන්නේ සාමාන්යං ලෝකයාගේ පිළිගැනීමේ හැටියට ය. කෙනෙකු තවත් කෙනෙකු හට තරහා ගොස් සැරෙන් කථා කරන එක ඉෂ්ට ශබ්දයක් හැටියට සාමාන්යය පෘතග්ජන පුද්ගලයන් කවුරුවත් පිළිගන්නේ නැත. එවන් ශබ්දයක් අප හට ඇසේ නම්, එය අකුසල විපාක සෝත විඤ්ඤාණයකි. එසේ ම ප්රිිය මනාප දෙයක් අපට ම හෝ තව කෙනෙකුට හෝ කථා කරන අයුරු ඇසේ නම්, එවිට උපදින්නේ කුසල විපාක සෝත විඤ්ඤාණයකි. අපට ම ගෙනත් දුන්න ද, නො දුන්න ද, අපගේ නැහැයෙන් දැනෙන්නේ අහක තිබෙන හෝ ප්රිසය මනාප ගණ්ධයක් නම් එවිට අපට උපදිනුයේ කුසල විපාක ඝාණ විඤ්ඤාණයකි. අවට ඇති දුර්ගණ්ධයක් අපගේ නැහැයේ වැදී ඝාණ විඤ්ඤාණයක් වශයෙන් උපදින්නේ ද? එය අකුසල විපාක ඝාණ විඤ්ඤාණයකි. එසේ අකුසල විපාක ඉපදීමට හේතු වන අප අතීතයේ දී කරන ලද අකුසල් අනන්ත ය, අප්රකමාණ ය. ඒවායෙන් එකක් දෙකක් තුනක් මෙසේ පැමිණ අකුසල් විපාක උපදී. ජිව්හා විඤ්ඤාණය ද එසේ ය. රස වශයෙන් මිහිරි හා අමිහිරි රස ඇත. මිහිරි රස වශයෙන් දැන උපදින ජිව්හා විඤ්ඤාණය කුසල විපාක ජිව්හා විඤ්ඤාණ ය යි. අමිහිරි වශයෙන් දැන උපදින ජිව්හා විඤ්ඤාණය අකුසල විපාක ජිව්හා විඤ්ඤාණ ය යි.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි