විපාකය යනු කුමක් දැ යි දැනුමක් ඇතත්, ඒ පිළිබඳ තවදුරටත් මෙසේ සඳහන් කරමි. විපාකයක් සිදු වීමට නම් ඊට කලින් කරන ලද කර්මයක් තිබිය යුතු ය. "කම්මා විපාකා වට්ඨන්ති" කර්මයෙනු යි විපාක ඇති වන්නේ. එවිට කර්මයක් තිබිය යුතු ය.
අකුසල් විපාක සිත් 07 ක් වන්නේ, අකුසල් සිත් වශයෙන් ලැබෙන එම 12 සිදු වන කර්ම නිසා ය. එම 12 ම චේතනා වන්නේ ය. කර්ම නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ එම චේතනා ය. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" වශයෙනි. කර්මයෙහි විපාක වන්නේ කර්මයත්, සිතත් ඒ සමඟ චේතනාව ප්රේධාන කොට ඇති චෛතසිකත් ධර්ම සමුදායකින් ය. එබැවින් එහි විපාක වශයෙන් ලැබෙන්නේ ද සිත් ය.
කර්මය නිසා ප්රසධාන වශයෙන් ලැබෙන විපාක කොටස් 02 කි.
01. ප්රමතිසන්ධි විපාකය. 02. ප්ර්වෘත්ති විපාකය.
ප්රපතිසන්ධි විපාකය යනු, යම් කර්මයක් හේතු කොට ගෙන යම් භවයක උප්පත්තිය ලබා දෙන, ප්ර තිසන්ධි වශයෙන් ලබාදෙන විපාක ය යි. නිදසුනක් වශයෙන් ගතහොත්, දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ආනන්තර්ය කර්ම කිහිපයක් සිදු කරගනු ලැබී ය. ඉන් උන්වහන්සේට විපාක දුන්නේ සංඝභේද කර්මය යි. එම සංඝභේද කර්මය ආනන්තරික කර්මයකි. එයින් ලැබෙන විපාකය ආනන්තරිකව ය. එනම්, මේ භවයෙන් අනතුරු ව ම ඊළඟ භවයේ දී ලැබේ. ඊළඟ භවයේ දී දේවදත්ත ස්ථවිරයන් වහන්සේට එම කර්මය හේතුවෙන් ප්රහතිසන්ධි විපාක වශයෙන් ප්රකතිසන්ධිය සිදු වූයේ අවීචි මහා නිරයේ ය. අවීචි මහා නිරයේ උප්පත්තිය නැතහොත්, ප්රාතිසන්ධිය වශයෙන් පහළ වූ සිතක් ඇත. එම සිත වන්නේ ප්රමතිසන්ධි විපාක ය ය.
දැන් ඉගෙනීමට යන අකුසල් විපාක සිත් හතෙහි අවසානයේ කියැවෙන සිතක් ඇත. එම සිත නම්, උපේක්ෂා සහගත සන්තීරණ සිත. අකුසලයේ ප්ර තිසන්ධි විපාක වන්නේ උපේක්ෂා සහගත සන්තිරණ සිත වේ. කෙනෙකු සතෙකු මැරීම, සොරකම් කිරීම, කාම මිථ්යානචාරය, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කථා කිරීම, අභිධ්යාවව, ව්යා,පාදය, මිථ්යාා දෘෂ්ටිය යන දශ අකුසල කර්ම පථ සිදු කළ ද එම සිදු කරන සිත්, වෙන වෙන ම සිත් වන්නේ ය. ඒ ඒ කර්ම සිදු කරන්නේ අකුසල් සිත් 12 අතුරින් වෙන වෙන ම සිත් වලින් ය. එකී කර්ම අතුරින් යම් කිසි කර්මයක්, මරණාසන්න අවස්ථාවේ දී විපාක දීමට එළඹ සිටියහොත්, එම කර්මය උපදවන ප්රරතිසන්ධි විපාකය සතර අපායේ දී ලැබේ. කවර කර්මයක් කළ කෙනෙකු හට වුව ද, එම සතර අපායේ දී යම් කිසි තැනෙක ප්රිතිසන්ධි වශයෙන් පහළ වන සිත එය උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. අපාය ප්ර තිසන්ධි වශයෙන් ලැබෙන්නා වූ සිත් ඇත්තේ එකකි. එය නම්, උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. බළලෙකු, බල්ලෙකු ආදී වශයෙන් තිරිසනෙකු වශයෙන් ඉපදීමේ දී වුව ද, නිරයේ දී නිර සතෙකු වී ඉපදීමේ දි වුව ද ලැබෙන්නේ උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. මෙවන් ආකාරයට සතර අපායේ කවර තැනක හෝ අකුසලයකගේ විපාක වශයෙන් ප්රරතිසන්ධි ලැබේ ද, එම ප්ර තිසන්ධි වශයෙන් උපදනා සිත අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත බව මතක තබා ගත යුතු ය. වෙනත් සිතක් නො මැත. සත්ත්වයා වශයෙන්, සත්ත්වයාගේ ශාරීරික ප්ර මාණයාදී නොයෙක් වෙනස්කම් තිබෙනමුත්, සිත වශයෙන් ගත් කළ "අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිතකි" එය ප්රකතිසන්ධි ය යි.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
මාතෘකා
39.අහේතුක සිත් (පළමු අර්ධය)
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment