සොරකම් කිරීම, කාමමිථ්යාෂචාරය, බොරු කීම, කේළාම් කීම, හිස් වචන කථා කිරීම, අභිඣ්ඡා නම් (විෂම ලෝභය) මිථ්යාථ දෘෂ්ටිය වේ. ලෝභ මූල දිට්ඨි ගත සම්ප්ර,යුක්ත සිත් 04 අතරින් සිදු විය හැකි ය.

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්රයයුක්ත අසංඛාරික හා සසංඛාරික ද,

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්රෂයුක්ත අසංඛාරික හා සසංඛාරික ද, වේ.

දිට්ඨිගත සම්ප්රටයුක්ත වන බැවින් මිථ්යාඅ දෘෂ්ටිය ද ඊට ඇතුළත් වේ. මිථ්යා් දෘෂ්ටිය ද කර්ම පථයකි. කර්ම පථයන්හි මිථ්යාර දෘෂ්ටිය ද ඇති වන්නේ දිට්ඨීගත සම්පයුක්ත සිතෙනි. උදාහරණයක් වශයෙන්, යමෙකු සිතයි නම්, ලෝකය දෙවියෙකු විසින් මවන ලද එකක් නොවේ. එහෙත්, ලෝකය දෙවියකු විසින් මවන ලද්දක් සේ යමෙකු පිළිගනී නම්, ඒ පිළිගැනීම වැරදි පිළිගැනීමකි. එය මිථ්යාහ දෘෂ්ටියකි. එම වැරදි පිළිගැනීම ඇති වන්නා වූ සිත කුමක් ද? එය දිට්ඨිගත සම්පයුක්ත සිතකි. එය ලෝභ මූලයෙන් ලැබෙන්නා වූ සෝමනස්සයෙන් හෝ උපේක්ෂාවෙන් ලැබෙන්නා වූ දිට්ඨිගත සම්ප්ර යුක්ත සිත් ය. එසේ අවස්ථාවලදී උපදී.

කර්මයක් තිබේ නම්, කර්ම ඵලයක් තිබේ. කෙනෙක් සිතයි නම් එසේ කර්ම හා කර්ම ඵල නැත ය කියා දෙයක් නැත ය කියා එය ඔහුගේ මිථ්යාට දෘෂ්ටියකි. එම මිථ්යාත දෘෂ්ටිය උපදින විට ඇති වන්නා වූ සිත දිට්ඨිගත සම්පයුක්ත සිත් ය.
අනිකුත් අකුසලයන්හි දී එම දිට්ඨිගත බව ද යෙදේ. කලින් සඳහන් කරනු ලැබුයේ, හුදු මිථ්යාක දෘෂ්ටිය උපදවා ගනු ලබන අවස්ථාවේ දී උපදින සිත් ගැන වේ. එම සිත් උපදවා ගෙන යම් මිථ්යාු දෘෂ්ටික ක්රිථයාවක් සිදු කරනු ලබයි. එම ක්රිියාවන් සිදු කරන විට සිදු කිරීමට ද්වාර 03 ක් ඇත. එනම්, කය, වචනය හා සිත ය. එම කයින් යමෙක් මිථ්යාථ දෘෂ්ටිය සිදු කරනු ලබන අවස්ථා ද ඇත. උදාහරණයක් හැටියට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ යනුවෙන් සලකා, එම දෙවියන් වහන්සේට පිදීම සඳහා මල්, පහන්, සුවඳ දුම් ආදියත්, තමන්ගේ අත භාවිත කොටගෙන එම පිදීම් කිරීම කරනු ලබයි. එවිට ඔහුට මිථ්යාර දෘෂ්ටියෙන් යුත් අකුසල් සිත උපදී. එම අකුසල් සිතින් යුතුව කළේ කුමක්ද? මෙම දෙවියාව පිදීමේ ක්රිියාව යි. ඒ සදහා ඔහු යොදාගනු ලැබුවේ ඔහුගේ කය වේ. නමුත් සිත මිථ්යාී දෘෂ්ටියෙන් යුක්ත සිතකි. එවිට ඒ සිත මිථ්යා දෘෂ්ටියෙන් යුක්ත නම් ඒ සිත සෑම විටම ලෝභ මූල සිතකි. ද්වේශ මූල හා මෝහ මූල සිත් වශයෙන් ගන්නා සිත්වල මිථ්යාි දෘෂ්ටිය නොයෙදේ. මිථ්යාෝ දෘෂ්ටිය යෙදෙන්නේ ම ලෝභ මූල සිතේ ය. මෙතෙක් සඳහන් කළේ මිථ්යාා දෘෂ්ටිය පිළිබඳව ය. මෙහි මෙතෙක් සඳහන් කරනු ලැබූයේ ලෝභ මූල සිත් උපදින අකුසල කර්ම පථ 07 න් සිදු වන අන්දම ය.

මීළඟට, අනිත් අකුසල් 04 එනම්, දිට්ඨිගත විප්පයුක්ත අකුසල් 04 ගැන ඉගෙනීමේ දී මිථ්යාම දෘෂ්ටිය අත්හැරීමට සිදු වේ. එවිට පෙන්වා දීමට සිදු වන්නේ අකුසලයන් 06 ක් ගැන ය. එවිට, එම කර්මපථයන් 06 වන්නේ මෙසේ ය. සොරකම් කිරීම, කාමමිථ්යාමචාරය, බොරු කීම, කේළාම් කීම, හිස් වචන කථා කිරීම, අභිඣ්ඡා නම් (විෂම ලෝභය) යන 06 පමණි දෘෂ්ටිගත විප්පයුක්ත සිත්හි ඇති වන්නේ. අපට උපදින සෑම අකුසල් සිතකම කර්මපථයක් පමණක් ම නොවේ උපදින්නේ.අපට උපදනා සෑම අකුසල් සිතක්ම කර්ම පථයක් වන්නේ නැත. කර්ම පථයන් සියල්ල 10 ක් ම ඇති නමුත් ඒවා නොවන අකුසලයන් ද ඇත. අකුසල් සිත් උපදින අවස්ථා ඇත. අපට ලැබෙන්නා වූ රසමසවුලෙන් යුක්ත වූ ආහාරය පිළිබඳ ආශාවක්, ගිජුකමක් උපදී නම්, එය බොහෝ ආශාවෙන් යුක්තව එම ආහාර කොටස භුක්ති විඳී නම්, සමහරු එය භුක්ති විඳීමේ දී ද ඒ ආහාරය ගැනම කථා කරමින්, එහි ඇති රස කියමින් බොහෝම ආශාවෙන් එය භුක්ති විඳිති. එවිට උපදින්නේ ද සෝමනස්ස සහගත ලෝභ මූල සිතකි. තමන් සමහර විට එම ආහාරය ගැනීමේ දී එහි ඇති රස බව සලකමින් සලකමින් ම එහි ඇති ආශාව උපදවා ගෙන එම ආහාර එසේ රස විඳිමෙහි ඇති වරද කුමක් ද කියා සිතා ගෙන ම එම ආහාරය බුදීමේ දී ඇති වන්නේ දිට්ඨිගත සම්පයුක්ත ද වේ. එවිට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිතක් ඇති වේ. එබැවින්, එබඳු කරුණුවල දී මෙවන් සිතක් උපදින බව තේරුම් ගෙන තිබුණොත්, ඒ සිතට අවස්ථාවක් නොලැබෙන පරිදි තමන්ගේ ක්රිනයා යොදා ගැනීමට පිළිවන.

යමෙක් කැඩපත වෙතට ගොස් මුහුණ බලමින් තමන්ගේ තිබෙන රූපාලංකාරය දෙස බලමින් සතුටු වෙමින්, ඒ පිළිබඳ සතුටු වෙමින් (ඇලෙන අවස්ථා මෙන් ම ගැටෙන අවස්ථා ද ඇත. නමුත් මේ අවස්ථාවේ දී ඇලෙන අවස්ථාව සැලකීම ගැනයි ) ඇති වන සිත් මොනවා දැ යි බැලීම යහපති. ඒ ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. එය සොම්නස් සහගත වේ නම් එම අවස්ථාවේ දී තමන්ට ඉෂ්ට අරමුණු වශයෙන් සැලකිය යුතු ය. සමහර විට මධ්යොස්ථ වේදනාව ඉපදීමට ද පිළිවන. නමුත් ලෝභය නැතිව නොව, ලෝභය ඇති වේ. ආහාර ගැනීමේ දී, සැරසීමේ දී, බොහෝ විට කථා බස් කිරීමේ දී, යම් කිසිවක් බැලීමේ දී, බොහෝ දේවල් ඇසීමේ දී, අසන්නේ නම් කුමන සිතකින් යුතුව ද? අසන්ට හිතෙන්නෙත්, අසන්නේ ද ලොභයෙන් යුතුව ය. එසේ අසන විට අසන දෙයින් තමන් උකහා ගන්නා ඉෂ්ට ආරම්මණ රසය ගෙන සෝමනස්සය උපදී. ඉන් තමන්ට ලැබෙන්නා වූ ආස්වාදය නිසා එහි තමන් ඇලෙන බවක් ඇති වුවහොත්, ඇති වනුයේ ලෝභය යි. බොහෝ දේවල් අසන විට, දකින විට, ආග්රාලණය කරන විට, රස දැන ගන්නා විට, කයෙහි ගැටෙන දේවල් තමන් හට දැනෙන විට, ඒවා කිසිවකට සම්බන්ධ නැතිව වුව ද නොයෙක් දේ සිතමින් සිටින විට, එසේ අවස්ථාවල දී බහුල වශයෙන් උපදිනා වූ සිත් කොටස ලෝභ මූල සිත් වශයෙන් හැඳින්වේ.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි