කුසල් සිත් නොවේ නම් එම අවස්ථාවේ දී ඇති වන්නේ අකුසල් සිත් ය. විපාක සිත් ක්රිලයා සිත් යන මේවායින් කුශල ක්රි්යාවක් සිදු නොවේ. ඇසීමට උපකාර වන සිතක් ඇත. එයට ශෝත විඤ්ඤාණය යි කියනු ලැබේ. එයට කියනු ලබන්නේ අසන සිත ය. නමුත්, එම පින සිදු වන්නේ එම සිතෙන් නම් නොවේ. පින සිදුවන්නේ කුසල් සිතෙනි. ඒවාට කියනු ලබන්නේ ජවන් සිත් කියා ය. ඒවා නොවේ නම් උපදින්නේ එනම්, ජවන් සිත් වශයෙන් උපදින්නට තිබෙන අනිත් කොටස වන්නේ අකුසල් සිත් ය.

මින් තේරුම් ගත යුත්තේ කුමක් ද? අප කරන කුමන කටයුත්තක දී වුව ද, කථා කරද්දී, යාම්-ඊම් කරද්දී, කෑම්-බීම් ගනිද්දී මෙවන් කවර කටයුත්තක දී වුව ද අපි ඒ ඒ ක්රිීයාවන් සිදු කරද්දී අපට උපදිනා වූ සිත කුසල් සිතක් නොවේ නම්, එම උපදිනා සිත අකුසල් සිතකි. මෙය හොඳින් අවධාරණය කළයුතු ය. කුසල් සිත් සිදු කිරීමට අප නිතර සිහියෙන් යුතුව සිටිය යුතු ය. සතිපට්ඨානය ගැන බුදුපියාණන් වහන්සේ මෙතරම් පැහැදිලි කොට ඇත්තේ එම නිසා ය. එසේ නැතතොත් අපට උපදින්නේ අකුසල් සිත් ය. කථාබහ කරන විට, යන-එන විට, එහා-මෙහා බලන විට, ඒවා බලා සතුටු වන විට උපදනා සිත කුසල් සිතක් නොවේ නම් ඇති වන්නේ අකුසල් සිතකි. රහත් නො වූවන් හට උපදනා එම සිත් කොටස අකුසල් ය. එසේ නැතහොත් කුසල් ය.

ආහාර ගැනීම ගැන සිතමු. අපට සිත් උපදී. සිත් නො මැතිව ආහාර ගත නො හැකි ය. සිත නො මැතිව කය ක්රි යා කරන්නේ ද නැත. එබැවින් ආහාර ගැනීමේ දී එම උපදනා සිත් අතර, රස දැනීම, රස පිළිබඳ සිතුවිලි පහළ වීම් ඇති වේ. එසේ සිත් පහළ වෙමින් රස විඳිමින්, ප්රීඅති වෙමින්, සතුටු වෙමින් ආහාරයෙහි ආශාව ඇති කර ගෙන යම් අයෙකු හට ආහාර ගැනීම කළ හැකි ය. එම ආහාර ගැනීමේ දී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. එම ආහාරය පිළිබඳව ම රසය තමන් හට ප්රිැය මනාප නොවේ නම්, ලුණු වැඩි ය, ඇඹුල් වැඩි ය, එම ආහාරයට තමන්ගේ අකමැත්ත ඇතිනම් ද, එවන් අවස්ථාවල දී ද තරහ ඉපදිය හැකි ය. මේ කරුණු දෙක ම නැතිව ආහාරයෙන් ලැබෙන ප්රනයෝජනය ගැන පමණක් සලකා ගෙන ඊට පමණක් සිත යොමු කර ගෙන භාවනා මනසිකාරයෙන් යුතුව නැතහොත්, ආහාරයෙහි පටික්කූල මනසිකාරය ඇති කර ගෙන ආහාර ගනී නම් එම මොහොතේ ඇති වන්නේ කුසල් සිත් ය. භික්ෂූන් වහන්සේට නම් පිණ්ඩපාත භෝජනය වැළඳීමේ දී ප්රිත්ය වේක්ෂාවක් උපදවන්නේ මෙම හේතුව නිසා ය. ආහාර වැළඳීමේ දී සිත අකුසල පැත්තට නො යාමට ය. එවිට කුසලයෙන් යුතු ව යි මෙය සිදු කරන්නේ. භික්ෂූන් වහන්සේට පමණක් නොව ගිහි වූ අපට ද එම භාවනා මනසිකාරය පැවැත්වීම මැනවි. මක්නිසා ද, ලෝභය දුරු කර ගැනීමට අපහසු ධර්මය වන නිසා ය. ලෝභය යනු ආශාව ය. එම ආශාව නොයෙක් පැතිවලින් පැමිණේ. එසේ පවසන්නේ, කාමලෝක, රූප ලෝක හා අරූප ලෝක යන තුන්ලෝකය ම තබා ගෙන සිටින ධර්මය ලෝභය වන නිසා ය. කන්නාඩිය ළඟට ගොස් බලා සිටින විට එතැන් පටන් ඔබ අප කරනු ලබන බොහෝ ක්රිවයාවන්හි ඔබ අප සිහි නුවණින් නොසිටී නම් උපදින්නේ ලෝභ මූල සිත් ය. එසේ නොමැති නම් ද්වේශ මූල සිත් ය. එසේ ද නොමැති නම් මෝහ මූල සිත් බව ඉදිරි ධර්මය කියාදීම්වල දී පෙන්වා දීමට හැකි වේ. එසේ නොමැතිව සිහිනුවණින් යුතුව ක්රිමයා කරන විට එබඳු අවස්ථාවල දී පමණක් කුසල් සිත් ඇති වේ.

ලෝභය මොන මොන පැතිවලට ගමන් කරනවා ද කියා බැලීම ඔබ කළ යුතු ය. ආහාරපාන, වතුපිටි, ඉඩකඩම්, ගේදොර, පුත්රගදාරාවන් යන මේ සියල්ල කෙරෙහි නොයෙක් සිතුවිලි නැග එයි. බෞද්ධයෙකු නොවන අන්යාමගමිකයෙක් මෙසේ පැවසිය හැකි ය. නාමික බෞද්ධයෙකු වුව ද මෙවන් ප්ර්ශ්නයක් නැගිය හැකි ය. "ලෝභය තණ්හාව යන්න නැති කළොත් ලෝකයක් නැහැ නේද? එය කොතරම් ඇත්තක් ද?" යනුවෙන් විමසිය හැකි ය. නමුත්, එය සත්යියකි. එසේ නම් ලෝකයක් නො මැත. මක්නිසාද යත්, මෙය මුලින් තේරුම් ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ ලෝකය වශයෙන් ප්ර්ධාන වශයෙන් සැලකුවේ පංචස්කන්ධ සංඛ්යාොත ලෝකය යි. එබැවින්, එකිනෙකා ලෝකය වශයෙන් සලකන්නා වූ ලෝකය නොවේ. මෙම පංචස්කන්ධ ලෝකය පවතිනුයේ තෘෂ්ණා නම් වූ ලෝකය පවතින තාක් කල් පමණ යි. තෘෂ්ණාව යම් දිනෙක සහමුලින් නැති කළේ නම්, නූපදනා ආකාරයට පත් කළේ නම්, එදිනට මේ පංචස්කන්ධ ලෝකය නැවත නැවත පහළ වීම නතර වේ. එම ලෝකය පිළිබඳ නිතර සිතිය යුතු ය. සැලකිය යුතු ය. මේ ඇති වන්නේ ලෝභ මූල සිතක් ය කියා ලෝභ මූල සිත උපදින උපදින වාරයක් පාසා තේරුම්ගත යුතු ය. එසේ සිතා දැනගෙන ඇති වන අවස්ථා පුළුවන් තරම් අඩු කර ගැනීම කළයුතු ය. එසේ පුළුවන් තරම් අඩු කර ගැනීමට හැකි නම්, ලෝභ මූල සිතක් ඇති වන ඇති වන වාරයක් වාරයක් පාසා මේ ලෝභ මූල සිතක් උපන් බව තමන් දැනගත්තා නම් ද, එය ම භාවනාවකි. "සරාගංවා චිත්තං සරාගං චිත්තංති පජානාති" යනුවෙන් සතිපට්ඨාන සූත්රවයේ චිත්තානුපස්සනාවේ දී දැක්වෙන්නේ එය යි. රාග සහිත සිතක් ඇති වූ කල්හි එය රාග සිතක් ඇති බව දැන ගැනීම. එම දැනගැනීම ලෝභමූල සිත පිළිබඳව ඉගෙන ගන්නා අයට ඇති කර ගත හැකි ය.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි