ලෝභ මූල සිත ඇති වන අවස්ථා ගැන බැලීමේ දී, අපි ගැනම බලමු. අපි සැරසෙන අවස්ථාවල දී, කථා කරන අවස්ථාවල දී, ගමන් බිමන් යන අවස්ථාවලදී ද, අතර මඟදී ද දක්නට ලැබෙන දේවල් ගැන සැලකීමේ දී හා එම සිත් ගැන පරීක්ෂාකාරීව විමසීමේ දී ඇති වන්නේ මොන මොන සිත් දැයි සොයා බැලීමේ දී හැක ක්රිදයාවක දීම මෙම ලෝභ මූල සිත්ම නේ දැ යි කියා අවබෝධ කර ගැනීමට පිළිවන් වේ.
මීළඟට ඉගෙන ගත යුතු වන්නේ ද්වේශය පිළිබඳ ඉගෙනීම ය. ලෝභයෙන් අරමුණ අල්ලා ගනී, අරමුණ වැළඳ ගනී. අරමුණ බදාගනී. මෙම ලෝභය අරමුණෙන් වෙන් වන්නට ඉඩ නො දෙන සේ අරමුණ හා බැඳුණු ගතියක් සිදු කරන ධර්මයකි. ද්වේශය මීට වෙනස් ස්වභායයකි. ද්වේශය යනු, අරමුණෙහි ගැටෙන බව ය. එය ද අරමුණ ගනී. නමුත්, එම අරමුණ ගැනීම ලෝභයෙන් ගන්නාක් මෙන් නොවේ. ලෝභයෙන් අරමුණ ගනු ලබන්නේ අරමුණට රිද්දවීමට නොවේ. නමුත්, ද්වේශයෙන් අරමුණ ගැනීමේ දී අරමුණට රිද්දවන ස්වභාවයක් ගනී. අරමුණ හා ගැටෙ යි. අරමුණ හා ගැටෙන බව ඇත්තේ ද්වේශයෙහි ය. එය නිදසුනකින් දක්වතොත්, ලෝභය යනු, මවක් තම දරුවකු අතට ගත්තාක් මෙනි. මවක්, කුඩා අතදරුවෙකු තමා වෙතට ළං කර ගන්නා බව එම දරුවාට මොනම ආකාරයකින් හෝ නොරිදවෙන ආකාරයෙන් ගනී. එවන් ස්වභාවයක් ලෝභයෙහි ඇත. අරමුණට නො රිදවන, අරමුණ වැළඳගන්නා ස්වභාවයක් ලෝභයෙහි ඇත. නමුත්, ද්වේශයෙන් අරමුණ ගැනීමේ දී, අරමුණට රිදවන ස්වභාවක් ගනී. ද්වේශයට නිදසුනක් වශයෙන්, වස්තුහිමියෙක් හොරෙකුව අල්ලා ගන්නාක් මෙනි. තමාට අයත් වස්තුව හොරෙකු විසින් ගෙන යන ලද අවස්ථාවක දී වස්තුහිමියා හොරා ව දකින අවස්ථාවේ දී එම හොරා ව වස්තුහිමියා අල්ලා ගනී. එසේ අල්ලා ගනු ලබන විට මොහුට රිදේවි, තුවාළ සිදු වේවි කියා නො බල යි. සමහර විට ඔහු අල්ලා ගැනීමට යාමේ දී සොරා ජීවිතක්්ෂයට පත් වීමට ද හැකි ය. එවිට ඇත්තේ ඔහුට රිදවන ගතියකි. ද්වේශයෙහි ද ඇත්තේ මෙවන් ආකාරයෙනි. එබැවින්, ද්වේශයෙහි ඇත්තේ අරමුණ රිදවන ගතියකි. අරමුණෙහි හැපෙන ස්වභාවයකි. ගැටෙන ස්වභාවයකි. ද්වේශයේ දී මේ ආකාරයට ප්රණතිවිරුද්ධව පැමිණ හැපේ.
ලෝභයෙහි එසේ නොමැත. ලෝභයෙහි ඇත්තේ අරමුණෙහි ඇලෙන ගතියකි. එබැවින්, අරමුණ කෙතරම් නරක් වුව ද, තමාගේ ඇලීම් ගතිය නිසා තමාට එම අරමුණ හොඳ ය. සාමාන්යියෙන් වෙනත් පුද්ගලයෙකු හට එම අරමුණ එතරම් ප්රිමයමනාප දෙයක් නො විය හැකි ය. නමුත්, ලෝභය ඇති වූ පුද්ගලයාට එය හොඳ දෙයක් වීමට පුළුවන. ඔහුට එය ප්රිනය ය. මනාප ය. ලෝභයෙන් අරමුණු ගන්නේ මෙවන් ආකාරයෙනි.
සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්ර යුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02
සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02
උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02
උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02
එකතුව = 08
මෙම ලෝභ මූල සිත් 08 අපට උපදනා අවස්ථා ගැන වැඩි වශයෙන් තේරුම් ගත යුතු වන්නේ ය. ලෝභමූල සිත් උපදවා ගෙන කෙරෙන අකුසල් ගැන දැන් මේ වන විට දැනීමක් ඇත. දිට්ඨිගත සම්පයුක්ත සිත් අතරින් ඇති විය හැකි අකුසල් වශයෙන් දිට්ඨිගත සම්පයුක්ත සිත් 04 න් කළහැකි අකුසල් ලෙස සොරකම් කිරීම, කාම මිථ්යාකචාරය, අභිධ්යා්ව යන්න පිළිබඳව මේ වන විට පැහැදිලි වී ඇත. සොරකම ලෝභයෙන් කරන අවස්ථා ඇත. කාමමිථ්යා ව නම් ලෝභය පෙරදැරිව ම සිදු වන අකුසලයකි. අභිධ්යාහව නම් වූ දැඩි ලෝභය, විෂම ලෝභය (අන්යකයන්ට අයිති දෙයක් තමන්ටම ලැබේවා යි සිතීම) එය ද ලෝභයෙන්ම සිදුවන්නකි. ප්රාවණඝාතය කිසිදා ලෝභ මූල සිතින් සිදු වන්නක් නොවේ. එය ද්වේශ මූල සිතකින් සිදු වන්නකි. එය ඉදිරියේ දී ඉගෙන ගත හැකි ය. ලෝභ මූල සිතින් සතෙකුගේ ජීවිතය තොර කිරීම සිදු කළ නොහැකි ය. සොරකම ලෝභය පෙරදැරිව සිදු කළ හැකිය. ද්වේශයෙන් ද එය කළ හැකි ය. අන්යසයනට පාඩුවක් කිරීමේ අදහසින් යමෙක් සොරකම් කරන විට ඇති වන්නේ ලෝභ මූල සිත නොව එය ද්වේශ මූල සිතින් සිදු වේ. කාමමිථ්යාකචාරය ලෝභය නිසාම සිදු වන්නකි. බොරු කීම ලෝභය නිසා ද, ද්වේශය නිසා ද සිදු විය හැකි ය. ලෝභය නිසා බොරු කියන අවස්ථා ඇත. තමන් හට ලැබෙන ලාභය සලකා බොරු කියයි. එහි දී ඇති වන්නේ ද ලෝභමූල සිතකි.
අන්යථයන් කෙරෙහි ඇති වන තරහාවක් නිසා ද, යමෙකු කරදරයේ දැමීම සඳහා ද බොරු කියති. එවන් අවස්ථාවල දී ඇති වන්නේ ද්වේශ මූල සිතකි. කේලාම්කීම ලෝභමූල සිතෙන් ද සිදු විය හැකි ය. එම කේලම කියනු ලබන්නේ තමන් හට වඩාත් ළං කර ගැනීමට හෝ ප්ර සාදය ඇති කර ගැනීමට නම් එය ලෝභය නිසා විය හැකි ය. එසේ නොමැතිව, දෙදෙනෙකු අතර ඇති සමගිය දැක එය නුරුස්නා ස්වභාවය නිසා එම දෙදෙනාගේ සමගිය නැති කිරීම සඳහා කේලාම් කියයි නම් එය සිදු වන්නේ ද්වේශ මූල සිතකිනි. පරුෂවචන කීම ලෝභයෙන් නොව, ද්වේශයෙන්ම සිදුවන්නකි.
හිස් වචන කථා කිරීම ලෝභය නිසා ද විය හැකිය. ද්වේශය නිසා ද විය හැකිය. ලෝභයෙන් තමන් හට ලාභ, එසේම තමන් කැමති විනෝදය, ප්රීනතිය ආදිය ලබාගැනීම පිණිස කිසිවෙකු හට පළක් නොමැති විහිළු-තහළු කථා කිරීම ආදිය අයත් වන්නේ හිස් වචන කථා කිරීමට ය. එවන් අවස්ථාවල දී ලෝභය යි. එසේ නැතහොත්, දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු එකතු වී අකුල් හෙළීම සඳහා තමා ද එකතු වී හිස් වචන කථා කරයි නම් ඒ ද්වේශ මූල සිත්වලිනි.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment