07.ව්‍යාපාදය
එනම් අනුන් නැසේ වා, වැනසේ වා කියා සිතීම යි. තරහාව යන්න ද, ව්‍යාපාදය යන්න ද පිළිබඳ දක්වන විශේෂ අවස්ථා ඇත. සාමාන්යයෙන් කෙනෙකු හට ඇති වෙන ව්‍යාපාදය කෝපය නොවේ. එහෙත් මෙම දෙකම උපදින්නේ එකම ධර්මයක අවස්ථා වශයෙනි. එනම් ද්වේශය යනුවෙන් හැඳින්වෙන දෝෂ චෛතසිකය යි. එම දෝෂ චෛතසිකයේ ඇති ආකාරය නානත්වයකි. එහි දෝෂ කෝපය, ක්‍රෝධය හා ව්‍යාපාදය කියා නානත්වයක් ඇත. එහි ව්‍යාපාදය යනුවෙන් හැඳින්වෙන විට මනඃ සිතුවිල්ල නම් වේ. මනඃ සිතුවිල්ල යනු, අනුන් නැසේ වා! වැනසේ වා! කියා. එසේ නැසේ වා!, වැනසේ වා! යනුවෙන් සිතෙන බව ම, එම සිතුවිල්ල ම කර්මපථයකි. සමහර විටක කෙනෙකු හට නො තේරුණ ද ඉතා භයානක කර්ම පථයකි. උදාහරණයක් වශයෙන් තමාගේ මව හෝ පියා තමා සන්තක ධනය තම දරුවන්ට තමාගේ ඇවෑමෙන් ලැබීමට බෙදා දුන්නා ය යි සිතමු. මෙම කරුණ දරුවන් ද දැන සිටී. නමුත් මා පිය දෙදෙනා දේපළ දරුවනට ලියා තිබුණ ද ඔවුන් දෙදෙනා හට වෙනත් පිට අයෙකු හට පැවරීමට ද හැකියාව ඇත. නමුත් කිසිදු දෙමාපියෙක් එසේ නො කරති. එහෙත්, ඔවුන් දෙදෙනා ජීවත් වන තුරු එම දේපළවල අයිතිය ඔවුන් සතු ය. සමහර විට දරුවෙකු මෙසේ සිත යි, "මෙම ධනය අපගේ ප්‍රයෝජනයට ගත නො හැකි මොවුන්ට ඇති මෙම අයිතිය නිසා යි. එම නිසා මොවුන් ඉක්මණින් මැරිලා වත් යන්නෙ නැහැ නේ" කියා සිතුවිල්ලක් ඇති වීමට පිළිවන. එය කෙටියෙන් මෙසේ ද පැවසිය හැකි ය. තම මව්පියන්ගේ ඉක්මන් මරණය ප්‍රාර්ථනා කිරීමකි. එසේ මරණයට පත් වීම ගැන කැමති වෙයි. එසේ අනුන් නැසේ වා, යිසිතන බව ද ව්යා පාදය යි. එම ව්යා පාදය ඇති කර ගන්නේ මව්පිය දෙදෙනා කෙරෙහි ය. එවන් ආකාරයට භයානක විධිහට ව්‍යාපාදය ඇති වීමට පිළිවන. මේවා මනඃ සිතිවිලි ය. ව්‍යාපාරයන්හි යෙදෙන, දේශපාලන කටයුතුවල, නොයෙක් සමිතිවල, සංවිධානවල හෝ යෙදෙන පුද්ගලයනට පවා එවන් සිතුවිලි ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඊට ඉහළ සිටින ජ්යෙංෂ්ඨයාගේ මරණය ප්රාගර්ථනා කරයි, ඔහුගේ නැතිවීම කැමති වේ. ඔහුගේ වැනසීම අපේක්ෂා කරයි. එසේ සිතන අවස්ථාවල දී ඔහු ව්‍යාපාදය නමැති කර්මපථයකින් බැඳේ. එකවරක් සිතූ කල එක් කර්මයකි. නැවත වරක් සිතූ විට නැවත කර්මයකි. නැවත නැවත සිතූ සිතූ විට කොතරම් කර්ම ප්රිමාණයක් සිදු වේ ද? ඔහු යමෙක් මැරුවා නොවේ. මැරේවා, වැනසේවා, නැසේවා යි සිතුවා පමණි. තමා අපායේ ඉපදවීමට ඒ සෑම කර්මයකම ශක්තියක් තිබේ. එසේ වීමට හේතුව කර්මපථයක් වන නිසා ය. එය මනෝද්වාරික අකුසල කර්මයකි. මනඃකල්පිත ක්රියා යන ඒවායින් එකකි. ව්‍යාපාදයකි. මෙය පටිඝ සම්පයුක්ත සිත නිසා ඇති වන්නකි.
මෙතෙක් දැක්වූයේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අකුසල් සිත නිසා ඇති වන අකුසල් කර්මයන් ය. එසේ අකුසල් කර්මපථ වශයෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්ප්‍රඵලාප, ව්‍යාපාදය යනුවෙන් 07 කි. ලෝභ මූල දිට්ඨිගත සම්පයුක්ත සිතින් ද 07 ක් දැක්වේ. එය මීට කලින් දක්වා ඇති අතර, මේ පටිඝ සම්පයුක්ත සිත්වල ඇත්තේ ඒවා ම නොවේ. නමුත් එහි දී මෙන් මෙහිදී ද කර්ම පථ 07 ක් ඇත.
ලෝභ මූල සිත් ය, ද්වේශ මූල සිත් ය යි ඒවා නම් කර ඇත්තේ ලෝභය මුල් තැනට ගෙන ය. එනම්, ලෝභය එම සිත්වල ගසට මුලක් මෙන් එම සිත්වලට ලෝභය මුලක් වන්නේ ය. එහි අදහස නම්, එම ලෝභය නිසා එම සිත ලියලනවා යන්න හෝ ද්වේශය නිසා සිත ලියලනවා ය යන්න නොවේ. ගසකට මුල ආධාර වන්නේ එය පොළොවේ පිහිටා සිටීමට ය. ඇද නො වැටී මනා සේ පිහිටා සිටීමට මුල ආධාර වන්නාක් මෙන් ලෝභ, ද්වේශ, මෝහ යන චෛතසික 03, අනිත් චෛතසිකයන්ට සහ විශේෂයෙන් සිතට අරමුණෙහි මනා සේ පිහිටන්නට උපකාර වන්නා වූ ධර්මයන් ය. එම සිත් ඇති වන්නේ ලෝභය, අරමුණෙහි කා වැදී යන්නාක් සේ හට ගන්නා හෙයිනි. ලෝභය, සිත අරමුණු ගැනීමට බලවත් සේ උපකාර වන ධර්මයක් ය. ලෝභ, ද්වේශ, මෝහ යන ධර්ම 03 හා ඉදිරියේ දී ඉගෙනීමට අලෝභ, අද්වේශ, අමෝහ යනුවෙන් තවත් ධර්ම 03 ක් ඇත. එම ධර්ම 06 ගස්වල මුල් පොළොවෙහි කා වැදී ගොස් ගස පොළොව මතුපිට ඇද නො වැටී පිහිටා සිටීමට උපකාර වන්නාක් මෙන් ය. එනම්, ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ යන ධර්ම 06 අරමුණෙහි කා වැදී යන්නාක් මෙන් ඇති වන බැවින් එම අරමුණෙහි ගෙන උපදිනා වූ, සිත හා ගෙන උපදිනා වූ චිත්ත, චෛතසික ධර්ම මනා කොට පිහිටන්නට උපකාර වන ධර්ම වේ. හේතු යන නමත් මූල යන නමත් දක්වන්නේ එබඳු උපකාරයක් ඇති ධර්ම සයකට ය. අකුසල මූලයෝ ය කියා 03 ක් දැක්වේ. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං යනුවෙනි. එසේ ම, අලෝභෝ කුසල මූලං, අද්වේසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං වශයෙන් කුසල මුල් පිළිබඳව ද එසේ කියැ වේ.
මීට කලින් සඳහන් කළේ ද අකුසල මූලයන් ගැන ය. එම අකුසල මූලයන්වලට ම ලෝභ, ද්වේශ, මෝහ යන 03 ට හේතු කියා කියා ද කියනු ලැබේ. එනම් ලෝභය නමැති හේතුව, ද්වේශය නමැති හේතුව, මෝහය නමැති හේතුව යි. අභිධර්මයෙහි සඳහන් වන්නේ "මෙම ධර්මයෝ අරමුණෙහි මනාකොට පිහිටන්නට චිත්ත චෛතසිකයන්ට උපකාර වන්නේ හේතු නාමයෙනි" යනුවෙන් ය. එසේ හේතු නාමයෙන් දැක්වූ, නැතහොත් මූල නාමයෙන් දැක්වූ ලෝභය, ද්වේශය හා මෝහය යන මෙම ධර්ම තුන ප්රිධාන කොට ගෙන අකුසල් සිත් බෙදා ඇති ආකාරය, ලෝභ මූල අකුසල් සිත්, ද්වේශ මූල අකුසල් සිත් හා මෝහ මූල අකුසල් සිත් වශයෙනි. එයින් ලෝභ මූල අකුසල් සිත් 08 පිළිබඳව ද, දෝෂ මූල අකුසල් සිත් 02 පිළිබඳව ද මීට කලින් සවිස්තරව දැක්වූයෙමි. මීළඟට පෙන්වා දීමට ඇත්තේ මෝහ මූල අකුසල් සිත් 02 පිළිබඳව යි.
තෙරුවන් සරණයි!
සටහන්
- 01.අභිධර්ම දේශනා හැදින්වීම
- 02.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පළමු භාගය)
- 03.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (දෙවන භාගය)
- 04.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
- 05.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (චතුර් භාගය)
- 06.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (පස්වන භාගය)
- 07.සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (සයවන භාගය)
- 08.ලෝභ මූල සිත් 08
- 09.ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
- 10.ලෝභ මූල සිත් 08 (3 වන අර්ධය)
- 11.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07
- 12.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
- 13.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (තෙවන අර්ධය)
- 14.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (චතුර් අර්ධය)
- 15.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
- 16.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (සයවන අර්ධය)
- 17.ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
- 18.ද්වේශ මූල සිත්
- 19.ද්වේශ මූල සිත් (පළමු අර්ධය)
- 20.ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
- 21.ද්වේශ මූල සිත් (තෙවන අර්ධය)
- 22.ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
- 23.ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
- 24.ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
- 25.ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
- 26.ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
- 27.ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
- 28.ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
- 29.ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
- 30.ද්වේශ මූල සිත් (දොළොස් වැනි අර්ධය)
- 31.මෝහ මූල සිත්
- 32.මෝහ මූල සිත් (පළමු අර්ධය)
- 33.මෝහ මූල සිත් (දෙවන අර්ධය)
- 34.මෝහ මූල සිත් (තෙවන අර්ධය)
- 35.මෝහ මූල සිත් (සිව්වන අර්ධය)
- 36.මෝහ මූල සිත් (පස්වන අර්ධය)
- 37.මෝහ මූල සිත් (සයවන අර්ධය)
- 38.අහේතුක සිත්
- 39.අහේතුක සිත් (පළමු අර්ධය)
- 40.අහේතුක සිත් (දෙවන අර්ධය)
- 41.අහේතුක සිත් (තෙවන අර්ධය)
- 42.අහේතුක සිත් (සතරවන අර්ධය)
- 43.අහේතුක සිත් (පස්වන අර්ධය)
- 44.අහේතුක සිත් (සයවන අර්ධය)
- 45.අහේතුක සිත් (සත්වන අර්ධය)
- 46.අහේතුක සිත් (අටවන අර්ධය)
- 47.අහේතුක සිත් (නවවන අර්ධය)
අමා මහ නිවනින් සැනසේවා!
Powered by Blogger.
වැඩිදුර කියවීම ->>
Subscribe to:
Posts (Atom)